September 22, 2013

අන්තිමට මම Lost වුනා


ආදරය කරා
ඔව් මම ඔයාට ආදරය කරා
ඔයාගෙ පස්සෙන් නොගියට,
ඔයාට ආදරේ කියල
මම ඔයාට දැනෙන්න ඇරිය

ඔයාගෙ දිහා බැලුවට
කවදාවත් ඔයාගෙ ඇස් දිහා
කෙලින් බලන්න තරම් හයියක් මට තිබ්බෙ නෑ
ඒ මගේ තියෙන පො*න කමකට නෙමේ
තියෙන ආදරේට

යාළුවො කිව්ව
'මචං ඕකිට කොල්ලෙක් ඉන්නව '
'උඹට ඔයිට වඩා පට්ට කෙල්ලෙක් 
set කරගන්න බැරි නෑ '
'ඕකි තනි බඩුවක් '
'උඹට මෙච්චර ලස්සන කෙල්ලො Try කරද්දි 
මේ වේ*යෙක් පස්සෙ යන්නෙ මොකෝ? ' 
'ඒ ගෑණිට උඹ තවත් එකෙක් විතරයි බං, 
හැම එකාම ඕකට Talk කරනව '  
කියල

මමත් දැනං හිටිය
ඔයාට වෙන කෙනෙක් ඉන්නව කියල
ඒත් ආදරය කරා
හිතේ ඇති වුන එකම ආදරේ
අමු අමුවෙම කෙළ වෙලා යනකොට
දුක හිතුන

ජීවිතේට ආපු හැම Challenge එකටම
හැම Game එකටම
ගින්නක් නැතුව Face කරා,
ඒවගෙන් Win කරා
ඒත් අන්තිමට මම Lost වුනා

February 14, 2013

මචං, උඹල කවදාවත් අමතක වෙන්නෙ නෑ!


ම්ම්ම් හිතෙනව ඇති මොකක් ගැනද කියන්නෙ කියල නේ?? මේකයි...

අනූව දශකෙ ඒ කියන්නෙ 1990 ඉදං 1999 වෙනකං අවුරුදු වල හරි ඊට කලිං ඉපදුනු ආච්චිල සීයලා හරි ඉන්නවනං දන්න දෙයක් තමයි මේක... මොකද්ද? අපිට පුංචි කාලෙ තිබ්බ ගැජට් කෑලි ටිකක්... පොඩි කාලෙ මතක් වෙන්නත් එක්ක තමා මේ ලිපිය දාන්නෙ.

මට මැසිමක් හම්බුනේ 2003 විතර (මං 3 වසරෙ විතර ඉන්නකොට)
උඹලට කියන්න P3 මැසිමක් තිබ්බෙ ඈ. මගේ හාඩ් එක තිබ්බෙ 8GB, VGA 16MB, Ram 128MB. හිතපල්ලකො කෝමද කියල. හැබැයි ඒ ටික මට ඒ කාලෙ හැටියටනං මදි උනේ නෑ :D . ගැහුවෙ Road Rash, NFS II , Midtown Madness , පොඩි පොඩි Flash ගේම් වගේ ඒව තමා. දැං කාලෙ වගේ ඔය ප්‍රෝග්‍රැමිං, ඩිසයිනින්ග්, එඩිටින්ග් වගේ ඒව ගැන කැහිල්ලක් තිබ්බෙ නෑ නේ.

ආ මෙන්න ලිස්ට් එක. මතකද? දන්නවද කියල බලන්නකො. අපිත් එක්කම මෙයාල වයසට ගිහිල්ල, දැං අපිට නොකියම මෙයාල යන්නත් ගිහිල්ල. 2000න් පස්සෙ ඉපදුන මල්ලිලා නංගිලා නං මේව ගැන අහලවත් නැතුව ඇති.

February 4, 2013

මගේ One Sided Love එක


ඔයාව දැක්ක මුල් දවසෙම 
මට ඔයා ගැන
ආදරයක් ඇති උනා 
කියල 
මම කියන්නෙ නෑ


මොකද
ඒ දවස් වල 
අපි ආදරේ කෙරුවෙ
Cartoon වල ඉන්න 
විල්මලාට ඩැෆ්නිලාට

ඒත් 
අපි ටිකක් ලොකු වෙනකොට
ඔයා දකින දකින 
වාරයක් ගානෙ
මගේ ආදරේ
වැඩි වෙනවා මිසක 
අඩුවක් නම් උනේ නෑ

ඇත්ත
ඔයා මේ කිසි දෙයක් 
දන්නෙ නෑ කියල මම දන්නව
මොකද 
මම ඔයාට 
ඒක අඟවලාවත් නැති නිසා

සමහරවිට
ඔයත් මට ඒ වගේම 
ආදරේ ඇති
හැබැයි 
ඔයා තාම 
ඒක මට ඇඟෙව්වෙ නෑ

ඔය දේවල් කොහොම වුනත්
චූටි කෙල්ලෙ
ඔයා ඇර 
මගේ හිතේ වෙන කෙනෙක් නෑ
මම හැමදාම ඔයාට ආදරෙයි 
මගේ One Sided Love එක සදාකාලිකයි.

January 6, 2013

Unlimited ආදරේ - 2 ‍| ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම

කෙල්ලට මාව මීටර්, සැරින් සැරේ මගේ දිහා බලල හොරෙන් හිනා වෙනව. ටිකකින්.... 

පසුගිය කොටස : Unlimited ආදරේ - 1 ‍| ඇරඹුම




මගේ එහාපැත්තෙ හිටපු එකාට උගෙ කෑල්ල මොකද්ද කිව්ව 

"ඒ මචං මෙහෙම කියනවට කලබල වෙන්න එපා. උඹට මතකනෙ එදා සෙමින එකේ අපි ආතල් දුන්න කෙල්ල. අර *** ට්‍රයි කරපු එක. අන්න ඒකි ***ට කියල ඒකි උඹට කැමතියි, අද හවසට ස්ටෑන්ඩ් එක උඩ පාලම ගාවදි හම්බවෙන්න කියල"

මළ කෙලියයි  ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම, උන්හිටි තැන් අමතක උනා

"ඒ **යා උඹ සිරාද ඔය කියන්නෙ?"

January 4, 2013

Unlimited ආදරේ - 1 ‍| ඇරඹුම

ඉස්සෙල්ලම ඔක්කෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියන්නම් නැත්තං හරි නෑ නෙ නේ? :D

ම්ම්ම් අනේ මංද මේක මගේ කතාවක් කියල කියන්න බෑ. මොකද මේක මගේ හොඳම යාළුවගෙ (යාළුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ ඉන්න කෙනෙක්ගෙ) කතාවක්. අද ඉදං මේ කතාව මගේම කරගෙන ලියන්නම්. ඔයාල හිතන දේවල් පහලින් Comment කරල යන්න. අවුරුද්ද පටං ගන්නම යන්නෙ ඉතිං Love Story Series එකකිං කිව්වොත් හරි.

තාමත් ඉවරයක් නැති, සදහටම අමතක නොවන, පුංචි කුමාරියක ගෙයි දඟකාර විසේකාර කුමාරයෙකුගෙයි ලස්සන ආදර කතාවක ඇරඹුම මේ විදියට කියල කිව්වොත් හරි. පාසල් ආදර කතා අතරේ තවත් එක් සුවිශේෂී ආදර කතාවක් වේවි. 



ඒ දවස් වල O/L කාලෙ අපි 11 වසරෙ. දන්නවනෙ ඉතිං නටන්න තියෙන ඔක්කොම පිස්සු නටන ආතල් පොරවල් කියල අපි. නොවැම්බර් මැද හරියෙ වගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙං තිබ්බ සෙමිනාස් ටිකක්. දැන්ටත් තියෙනව. අපේ ඉස්කෝලෙ ඉන්නෙ කොල්ලො විතරයි. ඔක්කොම සෙට් උනා උදේම ලංකාවෙ විශාලතම බස් නැවතුම් පොළට (කොහෙද? පුලුවන්නං කියන්නකෝ). 

November 29, 2012

වැටිච්ච කතා - 2 | මම වැටුන කියල අපේ අම්මට එහෙම කියන්නෙපා හොදේ


හුම්ම්ම්.. විස්තර කියන්නෝන නෑ නේ.. 1වෙනි එක කියෙව්වනං දන්නව නේ.. හෙන වාසනාවංත කොලු පැට්ටෙක් ගැන කියන්නෙ කියල ඈ. ඕක උනේ අවුරුදු 3දි විතරනේ ( ඉපදුනෙ 95 :D ) ඔන්න පස්සෙ ඉතිං මොට්ටසෝරී මෙව්ව එහෙකටත් ගිහිල්ල කාරිය ඉක්කෝලෙ යන්නෝන නිසා අපි පරණ ගෙදර දාල ඇනෙක්ස් එකකට ගියා. එකක් කිව්වට එක ලග එහෙම ඒව ගොඩක් තිබ්බ . පරණ ගේ ටිකක් ඉස්කෝලෙට දුර නිසා ( එහේ ඉදං යන්න පැයක් යනව.. නෑ ඒ දවස්වල හයි-වේ තිබ්බෙ නෑ මෙයා :P ). ඉතිං ඔන්න 2001දි තමා ගියේ. ඉතිං මට ගමට වඩා ලාලු කස්ටිය හිටියෙ එහේ. හැමෝම වගේ මගේ වයසෙ. ඔන්න කාලයක් යනකොට මාත් එක්කම එයාලත් උස ගීල්ල ඒම ඈ. ඔන්න අවුරුදු 8ක් විතර උනා කියමුකො ඈ.

එදා වගේම ඔන්න ලස්සන දවසක් (මයෙ මතකෙ හැටියට ඒක හෙනහුරාදාවක්) උදාවුනා.

November 26, 2012

වැටිච්ච කතා - 1 | ද කටුස්සා


හැක් උඩ දැක්කද ඈ? හූයේ.. හැක් අඩේ ඔය අඹ ජම්බු ගස් වලිං වැටිච්ච ගැන නමේ මේ කියන්නෙ ඈ. ඇත්තටම ආකාසය පොඩි කාලෙ ඉදං වැටිච්ච, ඒ කියන්නෙ ඇත්තටම වැටුනු දවස් ගොඩක් තියේ, මේ කියන්නෙ දණ ගාද්දි ඇවිදින්න හදද්දි වැටිච්ච නෙමේ. ඊට වඩා වෙනස් ටිකක් රසවත් සිදුවීම් ඈ..
ආහ් පුංචි කාලෙ ඉදං වැටිච්ච බෝමයි කිව්නෙ ඈ...  බෝමයි කිව්වට 5ක් 6ක් තමා.. මේ එකවෙනි එක.. ඒක හොද නං අනිකත් දාන්නං..  ඒම ඒම දිගටම යමු ඈ..

ඕං කතාව...
Related Posts Plugin for WordPress, Blogger...