Showing posts with label මගේ කතා. Show all posts
Showing posts with label මගේ කතා. Show all posts

August 3, 2016

මගේ බෝලේ - Components


ඒකි තඩි ය,
තඩි වුනාට බතල ටයිප් නොවේ ය,
ඒක නිසා මං ඒකිට බෝලෙ කියනවා ය,
ඒ උනාට ඒකි ලස්සන ය,
ඒකි තඩි බව ඒකි දන්නී ය,
ඒක ඒකිටද කමක් නැත්තෝ ය,
පාට තලඑළලු  ය,
සුදු නැතත් ඒකි මට හොඳ ය,
කොණ්ඩෙ අග ටික කැරලි ගැහී ඇති අතර මහලොකුවට දිග නැත්යතේ ය,
ඔළුවෙ ඉදං ටික දුරක් රිලැක්ස් කරා යැයි කියන්නී ය,
මං ඕවා දන්නැති නිසා මට තේරෙන්නෙ නැත්තේ ය,
ඇස් දෙක මාර ලස්සන ය,
මට රවන වෙලාවට තවත් ලස්සන ය,
හිනා වෙන වෙලාවට හුරුබුහුටි ය,
අඬන වෙලාවට කඳුළු එන්යනේ ය,
මගේ දිහා බලනකොට හෙනම ආදරේ හිතෙන්නේ ය,
නහය ගැන කියන්නට දෙයක් නැත්තේ ය,
ඒක මූණ මැදට වෙන්න ලොකුවට තියෙන්නේ ය,
අඬන විට ඒක තද වෙනවා ය,
නැත්තං හොටු එනවා ය,
කට නං මෙලෝ රහක් නැත්තේ ය,
හැබැයි කටහඬ ලස්සන ය,
අහං ඉන්නට පුළුවං ය,
නිකට සෝයි ය,
තක්කාලි ගෙඩියක් වගේ නිසා නිතර හපන්න සිතෙන්නේ ය,
කම්මුල් හිනා වෙනකොට වල ගැසෙන්නේ ය,
ඒකිට ඒක හෙන ලොකු ය,
ඔය කිව්වට මාත් ආස ය,
ඇඟ ටිකක් සයිස් උනාට අවශ්‍ය සියළු දෑ නිසි පරිදි තියෙන්නේ ය,
දෙපැත්තෙං ටයර් නැති වුනත් බඩ සුට්ටක් අත්තේ ය,
උස නං මහලොකුවට නැතත් මගේ උරහිස ගානට තියෙන්නේ ය,
ඒක නිසා පපුවට තුරුල් කරගන්න ලේසි ය,
ඒකිත් ඒකට කැමති ය.

දැං ඒකිගෙ රූ වරුනා ඇති ය,
ඊළඟ කොටසෙං අනික්වා කියන්නං ය, 
ටටා ය, බායී ය, සියළු දෙවි දේවතාවෝ රැකගනිත්වා ය,

May 21, 2014

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 2

සැක් ! හිතං හිටියෙ එක පෝස්ට් එකෙං ඉවර කරන්නනෙ. පස්සෙ දෙකෙන් ඉවර කරන්න හිතා ගත්ත. වාසනාව කියන්නෙ ඊයෙ රෑ ඇඳට ගියපු වෙලාවෙ ඉදං පොඩි කාලෙ වුන ඒව මතක් උනා මහවැලි ගඟ ගලන්න වගේ. හිතුව මේකත් තවත් එක් කතා සීරීස් එකක් විදියට ලියන්න. සීරීස් කිව්වට කතා 3ක් තමා උපරිම :(
ආකාසය එක පාරට පෝස්ට් ලියන්න පටං ගන්නො ආයි නවත්තනෝ මාස 5ක් 6ක්. අනීමංද අප්පා. :) ඒත් ප්‍රේක්සක ජනතාව මාත් එක්ක සුට්ටක් හරි ඉන්නෙක ගැන මං අම්මට සිරිවෙන්න සතුටුයි ඇ! මගේ ප්‍රමාණය ඉතිං :D

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 1

එදා වලියක් දාගෙන නංගිට යන්නං කියල ආවානෙ. පව් කෙල්ල අන්තිමට දැකපු විදියට මට මාර දුකක් හිතුන. මොනා කරන්නද? දුක තමා. ගෙදර ඇවිල්ලත් මට මාර අප්සට්.

*****************************************************************

පස්සෙන්ද උදේ 8ට විතර... මං සිරසෙ පැංචා බල බලද කොහේ ඉන්නකොට එකපාරට (දඩෝං :P) 

'ආකාසයියා! ආකාසයියා!! අපේ අම්ම කතා කරනෝ.......' අර වසංගත වොයිස් එක ඇහුන. ඒත් මට ඇහුනෙ නැති ගානට හිටිය. තරහෙං වගේ. ඊට පස්සෙ අපේ මමාට ඒකිගෙං කෝල් එක

'ඇන්ටි ආකාස අයිය මාත් එක්ක තරහ වෙලා. එයාට කතා කරන්ට කියන්ටකො.'

May 20, 2014

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 1


ආවෙත් කාලෙකට පස්සෙ නෙ ඈ. හේතුව ඉතිං මේ පාර අර අගෝත්තු වල මෙව්ව එකක් තීන්නෙ (නැ සිස්සත්තෙ කරා). ඒක කරන්නෝන. කරන්නෙ තීන අමාරුම සබ්ජෙක්ට් එක. සෝ අකාසම්ම කෑ ගානව පාඩං කොරපං යකෝ කිය කිය. ඇයි යකෝ! අනිත් උං දස්ස ඒවට. මං දස්ස IT වල්ට.  ඒ පැත්තෙං යන්න දෙන්නෙම නෑ. S3ක් දාගෙන ඕන සෙද්දකට පල කිව්ව. දැං ඒකට හෙණ ට්‍රයි එක. අපි බලමුකො ඈ. :D වෙන දෙයක් වෙයි. Chem,Maths ලොවෙත් පේල්. Phy. පේල් වෙන්න ඉඩ තියේ. දැං කැටයං ඇති... :P

අනුන්ගෙ ආදර කතා මේකෙ දාල තිබ්බට මගේ ඇත්ත කතාවක් දාන්න පෙරුම් පුර පුර හැටියෙ මං. ඒත් මට දාන්න තරං ආදර කතාවක් තිබ්බෙ නෑ නෙ. පස්සෙ මේක මතකෙට ඇදිල ආවෙත් බුකිය නිසා. එතකොට තමා මට හිතුනෙ අනික් උංට වගේ මටත් පොඩි සන්දියෙ ලව් එකක් තිබිල තියේ කියල. 

මං රියල් එකෙං ඉන්නකොට එක පරට රික්වෙස්ට් මෙව්ව එකක් ආව. අන්කල් කෙනෙක්ගෙං. ටිකක් දැකලත් පුරුදුයි. නමත් යංතං මීටර්. Mutual Friendsලගෙ තාත්තත් ඉන්නො. බැලින්නං මේ සුට්ටං කාලෙ අල්ලපු quarters එකේ අංකල් නේ. අන්කලාගෙං ඇති වැඩක් නෑ. බට් මං හෙන මීටරේ නෙ. request එක accept කරල ගියා friends list එකට. (හේතුව ඉතිං අංකල්ගෙ දූ. මගේ [වගේ] නේ) ඉස්සෙල්ලම දැක්ක නමිං මට පියවි සිහියෙං මදකට මෙව්ව වෙලා ගියා අවුරුදු 14ක් පස්සට.....

November 29, 2012

වැටිච්ච කතා - 2 | මම වැටුන කියල අපේ අම්මට එහෙම කියන්නෙපා හොදේ


හුම්ම්ම්.. විස්තර කියන්නෝන නෑ නේ.. 1වෙනි එක කියෙව්වනං දන්නව නේ.. හෙන වාසනාවංත කොලු පැට්ටෙක් ගැන කියන්නෙ කියල ඈ. ඕක උනේ අවුරුදු 3දි විතරනේ ( ඉපදුනෙ 95 :D ) ඔන්න පස්සෙ ඉතිං මොට්ටසෝරී මෙව්ව එහෙකටත් ගිහිල්ල කාරිය ඉක්කෝලෙ යන්නෝන නිසා අපි පරණ ගෙදර දාල ඇනෙක්ස් එකකට ගියා. එකක් කිව්වට එක ලග එහෙම ඒව ගොඩක් තිබ්බ . පරණ ගේ ටිකක් ඉස්කෝලෙට දුර නිසා ( එහේ ඉදං යන්න පැයක් යනව.. නෑ ඒ දවස්වල හයි-වේ තිබ්බෙ නෑ මෙයා :P ). ඉතිං ඔන්න 2001දි තමා ගියේ. ඉතිං මට ගමට වඩා ලාලු කස්ටිය හිටියෙ එහේ. හැමෝම වගේ මගේ වයසෙ. ඔන්න කාලයක් යනකොට මාත් එක්කම එයාලත් උස ගීල්ල ඒම ඈ. ඔන්න අවුරුදු 8ක් විතර උනා කියමුකො ඈ.

එදා වගේම ඔන්න ලස්සන දවසක් (මයෙ මතකෙ හැටියට ඒක හෙනහුරාදාවක්) උදාවුනා.

November 26, 2012

වැටිච්ච කතා - 1 | ද කටුස්සා


හැක් උඩ දැක්කද ඈ? හූයේ.. හැක් අඩේ ඔය අඹ ජම්බු ගස් වලිං වැටිච්ච ගැන නමේ මේ කියන්නෙ ඈ. ඇත්තටම ආකාසය පොඩි කාලෙ ඉදං වැටිච්ච, ඒ කියන්නෙ ඇත්තටම වැටුනු දවස් ගොඩක් තියේ, මේ කියන්නෙ දණ ගාද්දි ඇවිදින්න හදද්දි වැටිච්ච නෙමේ. ඊට වඩා වෙනස් ටිකක් රසවත් සිදුවීම් ඈ..
ආහ් පුංචි කාලෙ ඉදං වැටිච්ච බෝමයි කිව්නෙ ඈ...  බෝමයි කිව්වට 5ක් 6ක් තමා.. මේ එකවෙනි එක.. ඒක හොද නං අනිකත් දාන්නං..  ඒම ඒම දිගටම යමු ඈ..

ඕං කතාව...
Related Posts Plugin for WordPress, Blogger...