May 20, 2014

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 1


ආවෙත් කාලෙකට පස්සෙ නෙ ඈ. හේතුව ඉතිං මේ පාර අර අගෝත්තු වල මෙව්ව එකක් තීන්නෙ (නැ සිස්සත්තෙ කරා). ඒක කරන්නෝන. කරන්නෙ තීන අමාරුම සබ්ජෙක්ට් එක. සෝ අකාසම්ම කෑ ගානව පාඩං කොරපං යකෝ කිය කිය. ඇයි යකෝ! අනිත් උං දස්ස ඒවට. මං දස්ස IT වල්ට.  ඒ පැත්තෙං යන්න දෙන්නෙම නෑ. S3ක් දාගෙන ඕන සෙද්දකට පල කිව්ව. දැං ඒකට හෙණ ට්‍රයි එක. අපි බලමුකො ඈ. :D වෙන දෙයක් වෙයි. Chem,Maths ලොවෙත් පේල්. Phy. පේල් වෙන්න ඉඩ තියේ. දැං කැටයං ඇති... :P

අනුන්ගෙ ආදර කතා මේකෙ දාල තිබ්බට මගේ ඇත්ත කතාවක් දාන්න පෙරුම් පුර පුර හැටියෙ මං. ඒත් මට දාන්න තරං ආදර කතාවක් තිබ්බෙ නෑ නෙ. පස්සෙ මේක මතකෙට ඇදිල ආවෙත් බුකිය නිසා. එතකොට තමා මට හිතුනෙ අනික් උංට වගේ මටත් පොඩි සන්දියෙ ලව් එකක් තිබිල තියේ කියල. 

මං රියල් එකෙං ඉන්නකොට එක පරට රික්වෙස්ට් මෙව්ව එකක් ආව. අන්කල් කෙනෙක්ගෙං. ටිකක් දැකලත් පුරුදුයි. නමත් යංතං මීටර්. Mutual Friendsලගෙ තාත්තත් ඉන්නො. බැලින්නං මේ සුට්ටං කාලෙ අල්ලපු quarters එකේ අංකල් නේ. අන්කලාගෙං ඇති වැඩක් නෑ. බට් මං හෙන මීටරේ නෙ. request එක accept කරල ගියා friends list එකට. (හේතුව ඉතිං අංකල්ගෙ දූ. මගේ [වගේ] නේ) ඉස්සෙල්ලම දැක්ක නමිං මට පියවි සිහියෙං මදකට මෙව්ව වෙලා ගියා අවුරුදු 14ක් පස්සට.....


2001 එකේ එක දවසක.

ඒ අපි තාත්තගෙ quarters එකට ගියපු පළවෙනි පාර. එහා quarters එකේ ඇන්ටි අපේ අම්මත් එක්ක කතා කර ඉන්නකොට මම බහු බූතය වගේ උදේම්ම ගිහිං එතෙන්ට කඩා පාත් උනා. මට එතකොට අවුරුදු 6යි. එක වසරෙ. මම ගියපුවම ඇන්ටි ඇහුව මේ පුතාද? අරක මේක ඔක්කොම. පස්සෙ ඇන්ටි කිව්ව

'පුතාට සෙල්ලම් කරන්නත් කව්රුවත් නෑ නෙ. එන්න අපේ ගෙදර නංගි කෙනෙක් ඉන්නව' කියල එක්කං ගියා. 

දන්නැද්ද ඉතිං ඒ කාලෙදි සෙල්ලං කිව්වොත් පක්ස පාට ස්ත්‍රී පුරුස භේද නෑ නෙ එකෙංම 'හා'ක් තමා. ඔය මල (ඉ)ලව් නෑනෙ ඒ කාලෙ.

ගියාට පස්සෙ ඇන්ටි නංගට (හම්මෝ මුගෙ කැත කම. නංග ලු)  කතා කරා.
අප්පා...... සුදු හා පැට්ටෙක් ආවෙ නැද්ද ඉස්සරහට. දොඩං ගෙඩි දෙකක් උස, තව දොඩං ගෙඩියක් වගේ මූනක් එක්ක. කව්ද දෙයියනේ හිතුවෙ මේම දේවාලෙකට ආවෙ කියල. ඉතිං ඇටියා මාව introduce කොරල දුන්න ඒකිට. ආපෝ ලොකු කම. තාම අවුරුදු 4ක් වත් නෑ ( මට වැඩිය අවු.2ක් එයා බාලයි.) ඒ උනාට ඇට්ටර කම. මූනත් මෙහෙක් කරං. අට්ටරී ගියා ගේ ඇතුලට. ගිහිල්ල කෑගාල කියනො

'අම්මා,  මං film එකක් බලනව අර එක්කෙනාට එන්ට කියන්ට....' කියල.

'අර එක්කෙනා'? යකෝ මං වගේ වැදගත් උත්තමයෙක්ට ඕමද කතා කරන්නෙ. පෙඩි වුනත් මේම කතා ඉවසන්න බෑ නේ. මං මළ පැනල වගේ හිටිය. හැබැයි ගෙට යන්න තමා ආසාව. ඒත් අපි අපේ රෙස්පෙක්ට් එක තියාන ඉන්නෙපැයි පිරිමි වසයෙං ඈ.  ඇන්ටියට තේරුනා සීන් එක. ඇන්ටි කිව්ව

'ගනං ගන්නෙපා පුතා, ඒ නංගිගෙ හැටි. ඔයත් ගිහිං film එක බලන්න' කියල


මට අද වගේ මතකයි ඒකි බැලුවෙ Terminator 2. මාත් ගියා. ඉඳගත්තා. ඒකි ඒකිගෙ පොඩි ප්ලාස්ටික් පුටුවෙ ඉදං බලනව. හාවක් හූවක් නෑ. මාත් ඉතිං බකංනිලං හිටිය පැයක් හමාරක්.
පස්සෙ ඇන්ටි ඇවිල්ල මට තේ එකක් දීල, අර නැට්ටිච්චි ගාවිං ඒකිගෙ තේ එක තියල මට මාරි පැකට් එකක් කඩල ඇල්ලුව. (ඕකි මාරි පෙරේතියක් මං වගේම කියල දැනගත්තෙත් එදා) 

පස්සෙ ඇන්ටිය අර ඇට්ටරීට කියනව

'ඇයි දූ මේ අයියත් එක්ක කතා කරන්නෙ නැත්තෙ? ඔයා දැං හරියට නරක් වෙලා, පව්නෙ මේ අයියා' කිය කිය. 
මාත් ඉතිං හොඳ වැඩේ හිතිං කිය කිය හිටිය. ඇන්ටි ගියා. 

විනාඩි පාලෝකින් විතර මේකි ආනො.

'ඔයාගෙ නම මොකද්ද?'

ඔයා?????? මං උත්තර දෙයි ඕවට. හරියට ඇහුවොත් උත්තර දෙනව කියල හිටිය රෙස්පා පිට. 
ආයිත්

'කණ ඇහෙන්නෙ නැද්ද ? ඔයාගෙ නම මොකද්ද?'

<no reply> 

'අම්...මා......'

'ඇයි දරුවො කෑ ගහන්නෙ?'

'නෑ අම්මා, මං මෙයාගෙන් නම ඇහුව. එයා කතා කරන්නෑ. බීරෙක්ද කොහෙද'

'ඒයි! හැමෝන්ටම දාන පාට් මේ අයියටත් දාන්න ගත්තද? ආ?. අහනව හොඳින්'
මටත් පට්ට හැපි ඉතිං. ඇයි යකෝ මව් තුමී මගේ සයිඩ් එකේ නේ.

'මෙයා හැදෙන හැටි හරිම නරකයි පුතා. කතා කරාට තාම දන්නෑ නෙ නමවත් ඔයාගෙ. මොකද්ද පුතා නම?'

'පෝල්  පුතා' කියල මේකි හිකි හිකි ගගා හිනා වෙනව. (පෝල් කියන්නෙ අපේ තාත්තගෙ කාඩ් එක) මට ඉතිං මළේ මළ. 

'*** *****. ඇන්ටි' (ආකාස පුතා කියල හිතා ගනිල්ල ඈ. නම කියන්නෑ -_- ) 

'ශා... ලස්සන නමක්. අනේ පුතා මට කුස්සියෙ වැඩ, මං යනව ඔයාල කතා කර කර ඉන්න. දූ මේ අයිය එක්ක කතා කරන්න'

'අයියා, ඔයා කොහේද ඉන්නෙ?'

'පුටුව උඩ'

'නෑ අනේ... මං ඇහුවෙ ඔයාලගෙ ගෙවල් තීන්නෙ කොහෙද කියල

'ආ මං ගාල්ලෙ' ඒ් දවස් වල එච්චර එකට එක කියන්න තේරෙන්නෙ නෑ නේ. ඒක නිසා ඒම කිව්වෙ. දැං ඇහුව නං  දනී කියන විදිය.

'අපූ.... ගොඩා...............ක් දුරනේ?'

'නෑ. එච්චර දුර නෑ. ඊට වඩා ළඟයි'

'අපෝ ඔයා මහ නපුරුයි'

'නෑ එහෙම නෑ'

'ඔයා මේ film එක බලල තීද?'

'නෑ'

'ශික්. හරියට උත්තර දෙන්නකෝ.'

'බෑ'

'අම්...මා...........' නඩුව ෆයිල්

'ඇයි වදේ? මට කුස්සියෙ වැඩක් කරගන්නත් නෑ. ඒ පාර මොකෝ?'

'ආකාසයිය මහ නපුරුයි. යන්ට ඔයා අපේ ගෙදරින් දැන්ම. යන්ට අයියා. ඔයා හරි නෑ. යන්ට යන්ට යන්ට ඉතිං.'

'ඔයා ඉන්න පුතා. මං මෙයාගෙ අප්පච්චි ආවම කියනව'

'කියන්ට ඉතිං'

'ඉන්නවකො. අප්පච්චිට කියල දෙව්වන්න.'

ඒ පාර මේකි tv එක off කරල දිව්ව කාමරේට. ගිහිල්ල අඬනව. මටත් දුක හිතුන. මං නිසා මේකිට ගහයිද දන්නෙත් නෑ පව්. කෝම උනත් මගේ හිත උණූ වුනා. (අම්ම කියනව තාත්තත් ඒ වගේලු. ඉක්මනට නපුරු උනාට පස්සෙ ටික වෙලාවකින් තරහ නිවෙනවලු. ඒව දන්නෙ එයාලනේ අවුරුදු 10ක් ම ලව් කරා කියලනෙ කියන්නෙ. ) පස්සෙ මං එයාගෙ කමරේට ගිහිං

'මං ගිහින් එන්නනං නංගි කිව්ව'

එයත් කොට්ටෙන් මූණ උස්සල බෙරි වෙච්ච මූණත් එක්ක
'හා' කියල ආයෙ කොට්ටෙ අස්සෙ මූණ හංග ගත්ත මොකක් හරි නැතිවෙච්ච දෙයක් හොයනව වගේ.

'ඇන්ටි මං යනවා. අංකල්ට කියන්න එපා. නංගි පව්

'අනේ නෑ පුතා. මං කියන්නෙ නෑ. එයාව භය කරන්න මම කිව්වෙ ඒ

'මං ගිහිං එන්නං ඇන්ටි' කියල මම ගෙදර ගියා. 

එදා වෙච්චදේවල් එතනින් ඉවරයි. මං මුළු කතාවම එක පෝස්ට් එකකින් දාන්න බැලුවෙ. දිග වැඩියි. ඒක නිසා නොවරදවාම හෙට දාන්නම්. කියවල කමෙන්ට් එකක් එහෙම දාල යන්න. :D

7 comments:

  1. හෙට කතාවේ මේ දෙන්න ලොකු වෙලා ඉදිද දන්නෑ.... :D

    ReplyDelete
    Replies
    1. අනේ එච්චර වාසනවාක් කොහෙද සුසී... බලන්ටකො අද :D

      Delete
  2. සිගිති ආදර තමා බං ගති.. අනික්වත් ලියමුකෝ එහෙනම් හෙමීට..

    ReplyDelete
  3. Eeka patta love eka ooma yamu broo

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...