May 21, 2014

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 2

සැක් ! හිතං හිටියෙ එක පෝස්ට් එකෙං ඉවර කරන්නනෙ. පස්සෙ දෙකෙන් ඉවර කරන්න හිතා ගත්ත. වාසනාව කියන්නෙ ඊයෙ රෑ ඇඳට ගියපු වෙලාවෙ ඉදං පොඩි කාලෙ වුන ඒව මතක් උනා මහවැලි ගඟ ගලන්න වගේ. හිතුව මේකත් තවත් එක් කතා සීරීස් එකක් විදියට ලියන්න. සීරීස් කිව්වට කතා 3ක් තමා උපරිම :(
ආකාසය එක පාරට පෝස්ට් ලියන්න පටං ගන්නො ආයි නවත්තනෝ මාස 5ක් 6ක්. අනීමංද අප්පා. :) ඒත් ප්‍රේක්සක ජනතාව මාත් එක්ක සුට්ටක් හරි ඉන්නෙක ගැන මං අම්මට සිරිවෙන්න සතුටුයි ඇ! මගේ ප්‍රමාණය ඉතිං :D

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 1

එදා වලියක් දාගෙන නංගිට යන්නං කියල ආවානෙ. පව් කෙල්ල අන්තිමට දැකපු විදියට මට මාර දුකක් හිතුන. මොනා කරන්නද? දුක තමා. ගෙදර ඇවිල්ලත් මට මාර අප්සට්.

*****************************************************************

පස්සෙන්ද උදේ 8ට විතර... මං සිරසෙ පැංචා බල බලද කොහේ ඉන්නකොට එකපාරට (දඩෝං :P) 

'ආකාසයියා! ආකාසයියා!! අපේ අම්ම කතා කරනෝ.......' අර වසංගත වොයිස් එක ඇහුන. ඒත් මට ඇහුනෙ නැති ගානට හිටිය. තරහෙං වගේ. ඊට පස්සෙ අපේ මමාට ඒකිගෙං කෝල් එක

'ඇන්ටි ආකාස අයිය මාත් එක්ක තරහ වෙලා. එයාට කතා කරන්ට කියන්ටකො.'



'පුතේ! පුතේ! මෙන්න අර අනුත්තරා නංගි කතා කරනව. ඇහුනෙ නෑ වගේ ඉන්නෙ. යන්නකො ඕක නවත්තල'

'මට බෑ'

'ඒ මොකෝ'

'එයා මාව එලෙව්ව ඊයෙ'

'ඒ ඊයෙ නෙ දරුවෝ. කෝ.. කෝ.. දැං යන්න ඉතිං.'

'හැබැයි ආයෙ එක එක ඒව කියන්න ආවොත් මං ගහනො එයාට' සුට්ටං කාලෙ දන්න ලොකුම වැඩේනෙ. 

'ආ.. කරල බලන්නකො. මාත් බලා ගන්නං එතකොටකාන්තා හිංසනේට නඩු ෆයිල් කරන්නත් කලිං.

'හරි හරි යන්නං ඉතිං.

ඔන්න ඉතිං යන්න පිටත් වුනා. වැටෙං පැන්න ජම්පිං ගොයිං. 

'අම්....මේ............ මං යනෝ................................'

'ගියාට කමන්නෑ ඉක්මනට එන්න හොඳේ'

'හරියෝ..............' හැක් එන හැටි අම්ම දන්නෝ. 

මාත් ඉතිං හෙමිං සීරුවෙ ගෑටෙව්වා. හුටා! මෙන්න ඉන්නො අර දොඩං ගෙඩි 3නේ ඇට්ටරී. සිරික්කිය දදා ඇන්ටිට මං ගැන මොනාදෝ කිය කිය. මාත් නොදන්න ගානට ගිහිං

'Good Morning ඇන්ටි! ඇයි කතා කරේ?' ඇහුව
'Good Morning පුතා! නෑ නිකං. මෙයා මේ සෙල්ලම් කරන්න කව්රුවත් නැතුව අඬ අඬ හිටිය. ඔයත් තරහ වෙලානෙ. මම කිව්ව ඉතිං මෙයාටම ආයෙ යාළු වෙන්න කියල'

මාත් තරාව මෙව්ව කරල දාල සිග්නල් වලිං මැද්ද දත් හැලැච්ච කටත් මෙව්ව කරල හිනා උනා. පස්සෙ මේ ගෑනි මට විරිත්තනෝ (ඇන්ටි නෙමේ ඇන්ටිගෙ වසංගතේ)

'අයියා අද සෙල්ලමක් කරමු?'

'හා'

'මොකද්ද අනේ. හා නංගි කියලවත් කියන්ටකෝ'

'ඔයා හාවෙක් වගේ නෙමෙයි නෙ ඉතිං'

'නෑ මෝඩයො. මම කිව්වෙ නිකං හා ක් කියල කියන්ට නෙමේ'

'මට බෑ'

'ආ ආයිත් රණ්ඩුව පටං ගත්තද? ඊයෙ යාළු උනේ. අද වෙනකොට දෙපාරක් තරහ වෙලා. දෙන්නම යාළු වෙන්න දැං. පුතා කාලද ආවෙ?'

'ඔව් ඇන්ටි'

'දූ එහෙනං ඔයා ගිහිල්ල කාල එන්න. එතකං අයිය ඉඳී'

'අපෝ මට බෑ මෙයා කෙළ ගිලියි'

මම කට අරින්න හදනකොටම

'මේ මං කිව්වනේ. රණ්ඩු බෑ'

'පුතා මෙයා කාල එනකං ඔයා tv බලන්න'

ගියා ගිහිල්ල tv බැලුව. සැක් මේ මැට්ටි කාල ඉවර වෙන්නෙත් නෑ මළ පෙරේති.

'අම්...මා' ඔන්න අර කෑරළ වොයිස් එක. තාම මතකයි :)

'ඇයි.......'

'මං කාල ඉවරයි.....'

'හා. ඕක ඔහොම තියල එන්න අත සෝදන්න'

අපෝ අත හොදවන්නත් ඕනි මේකිගෙ. තාම පොඩියිනෙ ඉතිං. ඔන්න අත හෝදවල, ජෝ පොවල, වෙන ඇඳුමකුත් අන්දෝල එව්ව චූටි කුමාරිහාමිව මාත් එක්ක සෙල්ලං කරන්න. දෙන්නම මිදුලට ගියා කියමුකෝ. (මේකටත් මැප් එකක් අඳින්න ඕන වගේ මයෙ හිතේ :D)

'අයියා'

'ඇයි?'

'මොකද්ද කරන සෙල්ලම?'

'මං දන්නෙ කෝමද?'

'ම්ම්ම්ම්ම්...... අපි ටොක්! ටොක්!! ටොක්!!! කව්ද ගෙදර කරමු?'

'මොකක්? ඒ මොකද්ද?'

'අයියෝ දන්නෙ නැද්ද? හරි මං කියල දෙන්නම්. මං කියන විදියට කරන්ට' අනේ මංද එවෙලෙ එයා කියන විදියටමයි මං වැඩ. මොකක් උනාද මංද. (එකේ කුක්කනෙ) 

'ඔන්න ඔයා ඉස්සෙල්ල කියන්ට ඕන. ටොක්! ටොක්!! ටොක්!!! කව්ද ගෙදර? කියල. එතකොට මම කියනව ම්ම්ම්ම්ම්ම්ම්ම්..... මට මතක නෑ නෙ' :(

'අපෝ මහ ලොකුවට පටං ගත්තට මතක නෑ. හූ... හූ....' :P

'නෑ අනී... ආ.... මතක් උනා. මම අහනව කව්ද ආවෙ කියල. කෝ කරන්න බලන්ට'

'ටොක්! ටොක්!! ටොක්!!! කව්ද ගෙදර?'

'කව්ද ආවෙ?'

'යකෙක් යකෙක්'

'ඈ :O ඔය දන්නෙ. ඔයා දන්නෑ කියල කිව්වෙ බොරුවට නේ..??

'දන්නෙ නෑ තමා ඉතිං'

'එහෙනං යකෙක් යකෙක් කිව්වෙ කොහොමද?'

'නිකං හිතුන. මං කිව්ව'

'හරි හරි. දැං මම කියනව පාටක් කියන්ට කියල. ඔයා කියන්ට ඕන පාට. එතකොට මම ගිහිල්ල පාට හොයං එන්ට ඕනි. හරිද? තේරුනාද මැට්ටො?'

'මැට්ටා????' :/

'හරි හරි ආකාසයියා. තේරුනාද?'

'හ්ම්ම්ම්ම්ම්'

'හරි ඒනං පටං ගන්ට'

අර මුල ටික ආයෙත් කියන්න පටං ගත්ත. මට සෙල්ලමේ වචන එච්චර මීටර් නෑ. ඒක නිසා මතක විදියට ලිව්වෙ. කෝම හරි අන්තිමට පාට හොයන්න ඕන කියල තමා මතක. අනික් ඔය ඒකිට අමතක වෙන එව්ව ඒම ඇත්ත :D


'ටොක්! ටොක්!! ටොක්!!! කව්ද ගෙදර?'

'කව්ද ආවෙ?'

'යකෙක් යකෙක්'

'පාටක් කියන්න'

'පාට පාට'

'මොඩය, මැට්ට,හරක,බූරුව,වස්සා, යන්ට ඔයා අපේ ගෙදරින්. කතා කරන්ට එපා. ඔයා වැඩක් නෑ. යන්ට අයියා යන්ට.......'

'මොකද මොකද මේ අයියට බයින්නෙ? පුතා ඔයා යන්න. මං අද නං ඇත්තටම කියනව අප්පච්චිට මෙයාගෙ වැඩ ටික.'

මාත් මළ පැනල හිටපු හිංද ගෙදර ආව. ඔන්න ඕහොමයි අනූව හම්බෙලා ගෙවිච්ච දෙවෙනි දවස. දෙන්නම රණ්ඩු කෙකි නේ. 

ඊළඟට දාන්නම් ටිකක් ලොකු කාලෙක සීන් එකක්. එතකං මේකට කමෙන්ට් කොරල, පලෝ කරපු නැති අය මාව පලෝ කොරල යන්නකො ඈ... :D Bs. Tc. Gn. Sd. Gm. Happy B'day. Have a Nice Day. Etc.....

4 comments:

  1. //ඒක නිසා මතක විදියට ලිව්වෙ //
    මොනවද බන් මතක විදියට ලිව්වේ

    ReplyDelete
  2. මොඩය, මැට්ට,හරක,බූරුව,වස්සා, යන්ට ඔයා අපේ ගෙදරින්. කතා කරන්ට එපා. ඔයා වැඩක් නෑ. යන්ට අයියා යන්ට.....///

    :v :v හම්මේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...