
මේක කොහෙං ආරම්භ කරන්නද කියල නං තාමත් හිතා ගන්න බෑ. ඉස්සෙල්ලම කියන්න ඕන බ්ලොග් අවකාශෙට මම අළුත් කෙනෙක් නෙමේ (හැබැයි කව්ද කියල කියන්නෑ ඕං). ටිකක් anonymous වෙන්න ඕනකමක් තිබ්බ නිසා තමයි මේක පටං ගත්තෙ. හැබැයි ඉතිං ඒත් මම ලොකුම “අයිය“ කෙනෙකුත් නෙමේ. ගොඩක් ලොකු දේවල් ලියන්න නෙමේ ආවෙ.
කොටින්ම කිව්වොත් අහස් මායිම කියන්නෙ අහස ගැන මෙලෝ හසරක් නොදන්න පොඩි කොල්ලෙක් ලියන අළුත් බ්ලොග් එකක් කියල හිතා ගන්නකො.
ජීවිතේ වෙන සිදුවීම් හැම එකක්ම nominal (නාමිකව) කියන්න බැහැ නේද? . ඒකත් එක හේතුවක් වෙන්නැති මම මේ බ්ලොග් එක හදන්න.