Showing posts with label අනුත්තරා. Show all posts
Showing posts with label අනුත්තරා. Show all posts

May 21, 2014

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 2

සැක් ! හිතං හිටියෙ එක පෝස්ට් එකෙං ඉවර කරන්නනෙ. පස්සෙ දෙකෙන් ඉවර කරන්න හිතා ගත්ත. වාසනාව කියන්නෙ ඊයෙ රෑ ඇඳට ගියපු වෙලාවෙ ඉදං පොඩි කාලෙ වුන ඒව මතක් උනා මහවැලි ගඟ ගලන්න වගේ. හිතුව මේකත් තවත් එක් කතා සීරීස් එකක් විදියට ලියන්න. සීරීස් කිව්වට කතා 3ක් තමා උපරිම :(
ආකාසය එක පාරට පෝස්ට් ලියන්න පටං ගන්නො ආයි නවත්තනෝ මාස 5ක් 6ක්. අනීමංද අප්පා. :) ඒත් ප්‍රේක්සක ජනතාව මාත් එක්ක සුට්ටක් හරි ඉන්නෙක ගැන මං අම්මට සිරිවෙන්න සතුටුයි ඇ! මගේ ප්‍රමාණය ඉතිං :D

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 1

එදා වලියක් දාගෙන නංගිට යන්නං කියල ආවානෙ. පව් කෙල්ල අන්තිමට දැකපු විදියට මට මාර දුකක් හිතුන. මොනා කරන්නද? දුක තමා. ගෙදර ඇවිල්ලත් මට මාර අප්සට්.

*****************************************************************

පස්සෙන්ද උදේ 8ට විතර... මං සිරසෙ පැංචා බල බලද කොහේ ඉන්නකොට එකපාරට (දඩෝං :P) 

'ආකාසයියා! ආකාසයියා!! අපේ අම්ම කතා කරනෝ.......' අර වසංගත වොයිස් එක ඇහුන. ඒත් මට ඇහුනෙ නැති ගානට හිටිය. තරහෙං වගේ. ඊට පස්සෙ අපේ මමාට ඒකිගෙං කෝල් එක

'ඇන්ටි ආකාස අයිය මාත් එක්ක තරහ වෙලා. එයාට කතා කරන්ට කියන්ටකො.'

May 20, 2014

අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 1


ආවෙත් කාලෙකට පස්සෙ නෙ ඈ. හේතුව ඉතිං මේ පාර අර අගෝත්තු වල මෙව්ව එකක් තීන්නෙ (නැ සිස්සත්තෙ කරා). ඒක කරන්නෝන. කරන්නෙ තීන අමාරුම සබ්ජෙක්ට් එක. සෝ අකාසම්ම කෑ ගානව පාඩං කොරපං යකෝ කිය කිය. ඇයි යකෝ! අනිත් උං දස්ස ඒවට. මං දස්ස IT වල්ට.  ඒ පැත්තෙං යන්න දෙන්නෙම නෑ. S3ක් දාගෙන ඕන සෙද්දකට පල කිව්ව. දැං ඒකට හෙණ ට්‍රයි එක. අපි බලමුකො ඈ. :D වෙන දෙයක් වෙයි. Chem,Maths ලොවෙත් පේල්. Phy. පේල් වෙන්න ඉඩ තියේ. දැං කැටයං ඇති... :P

අනුන්ගෙ ආදර කතා මේකෙ දාල තිබ්බට මගේ ඇත්ත කතාවක් දාන්න පෙරුම් පුර පුර හැටියෙ මං. ඒත් මට දාන්න තරං ආදර කතාවක් තිබ්බෙ නෑ නෙ. පස්සෙ මේක මතකෙට ඇදිල ආවෙත් බුකිය නිසා. එතකොට තමා මට හිතුනෙ අනික් උංට වගේ මටත් පොඩි සන්දියෙ ලව් එකක් තිබිල තියේ කියල. 

මං රියල් එකෙං ඉන්නකොට එක පරට රික්වෙස්ට් මෙව්ව එකක් ආව. අන්කල් කෙනෙක්ගෙං. ටිකක් දැකලත් පුරුදුයි. නමත් යංතං මීටර්. Mutual Friendsලගෙ තාත්තත් ඉන්නො. බැලින්නං මේ සුට්ටං කාලෙ අල්ලපු quarters එකේ අංකල් නේ. අන්කලාගෙං ඇති වැඩක් නෑ. බට් මං හෙන මීටරේ නෙ. request එක accept කරල ගියා friends list එකට. (හේතුව ඉතිං අංකල්ගෙ දූ. මගේ [වගේ] නේ) ඉස්සෙල්ලම දැක්ක නමිං මට පියවි සිහියෙං මදකට මෙව්ව වෙලා ගියා අවුරුදු 14ක් පස්සට.....

Related Posts Plugin for WordPress, Blogger...