Showing posts with label Unlimited ආදරේ. Show all posts
Showing posts with label Unlimited ආදරේ. Show all posts

October 4, 2013

Unlimited ආදරේ - 4 | එයා ගියේ එයාගෙ අම්මත් එක්ක

Thama Maga dr. Bus ekak awe na.කියල 

Message එක Type කරන්න හදනකොටම...... 

පසුගිය කොටස : Unlimited ආදරේ - 3 | මං අකමැත්තෙන් උනත් බැස්ස



Battery Dead වෙලා Phone එක Off උනා. 

ටිකකින් කට කපල සෙනඟ ඉන්න මාතර - කොළඹ බස් එකක් ආව. කමක් නෑ කියල හිතාගෙන ඒකෙ නැගල මම ගෙදර ගියා. ගියා නෙමේ අනේ මංද පාවුනා වගේ නිකං. ඇයි යකෝ කොච්චර ආතල් ගත්තත් ජීවිතේ පළවෙනි වතාවට නෙ මේ වගේ Feeling එකක් දැනුනෙ. 

ගියපු ගමන් සිං ගාල Phone එක Charge වෙන්න ගහල Reply එකක් දැම්ම

September 27, 2013

Unlimited ආදරේ - 3 | මං අකමැත්තෙන් උනත් බැස්ස

ටිකෙන් ටික පඩිපෙළේ උඩට නැග්ග....

පසුගිය කොටස : Unlimited ආදරේ - 2 ‍| ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම




මට අද වගේ මතකයි එයා ඇදන් හිටපු ගවුම. (කවදාවත් Jeans ඇඳින කෙනෙක් නෙමේ එයා) සුදුපාට ගවුමෙ පාට පාට ටිකක් ලොකු බෝල බෝල ගවුමක්. මාරම අහින්සක කෙල්ලෙක්. ඇත්තමට ලස්සනයි 

මම එයා ළඟටම ගියා. එයා ඉන්නව හාවක් හූවක් නැතුව. මම ගිහිල්ල (මෙතන ඉදං කෙල්ලගෙ නම විශාකා කියල හිතා ගන්නකො)

"විශාකා!"

January 6, 2013

Unlimited ආදරේ - 2 ‍| ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම

කෙල්ලට මාව මීටර්, සැරින් සැරේ මගේ දිහා බලල හොරෙන් හිනා වෙනව. ටිකකින්.... 

පසුගිය කොටස : Unlimited ආදරේ - 1 ‍| ඇරඹුම




මගේ එහාපැත්තෙ හිටපු එකාට උගෙ කෑල්ල මොකද්ද කිව්ව 

"ඒ මචං මෙහෙම කියනවට කලබල වෙන්න එපා. උඹට මතකනෙ එදා සෙමින එකේ අපි ආතල් දුන්න කෙල්ල. අර *** ට්‍රයි කරපු එක. අන්න ඒකි ***ට කියල ඒකි උඹට කැමතියි, අද හවසට ස්ටෑන්ඩ් එක උඩ පාලම ගාවදි හම්බවෙන්න කියල"

මළ කෙලියයි  ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම, උන්හිටි තැන් අමතක උනා

"ඒ **යා උඹ සිරාද ඔය කියන්නෙ?"

January 4, 2013

Unlimited ආදරේ - 1 ‍| ඇරඹුම

ඉස්සෙල්ලම ඔක්කෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියන්නම් නැත්තං හරි නෑ නෙ නේ? :D

ම්ම්ම් අනේ මංද මේක මගේ කතාවක් කියල කියන්න බෑ. මොකද මේක මගේ හොඳම යාළුවගෙ (යාළුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ ඉන්න කෙනෙක්ගෙ) කතාවක්. අද ඉදං මේ කතාව මගේම කරගෙන ලියන්නම්. ඔයාල හිතන දේවල් පහලින් Comment කරල යන්න. අවුරුද්ද පටං ගන්නම යන්නෙ ඉතිං Love Story Series එකකිං කිව්වොත් හරි.

තාමත් ඉවරයක් නැති, සදහටම අමතක නොවන, පුංචි කුමාරියක ගෙයි දඟකාර විසේකාර කුමාරයෙකුගෙයි ලස්සන ආදර කතාවක ඇරඹුම මේ විදියට කියල කිව්වොත් හරි. පාසල් ආදර කතා අතරේ තවත් එක් සුවිශේෂී ආදර කතාවක් වේවි. 



ඒ දවස් වල O/L කාලෙ අපි 11 වසරෙ. දන්නවනෙ ඉතිං නටන්න තියෙන ඔක්කොම පිස්සු නටන ආතල් පොරවල් කියල අපි. නොවැම්බර් මැද හරියෙ වගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙං තිබ්බ සෙමිනාස් ටිකක්. දැන්ටත් තියෙනව. අපේ ඉස්කෝලෙ ඉන්නෙ කොල්ලො විතරයි. ඔක්කොම සෙට් උනා උදේම ලංකාවෙ විශාලතම බස් නැවතුම් පොළට (කොහෙද? පුලුවන්නං කියන්නකෝ). 

Related Posts Plugin for WordPress, Blogger...