October 4, 2013

Unlimited ආදරේ - 4 | එයා ගියේ එයාගෙ අම්මත් එක්ක

Thama Maga dr. Bus ekak awe na.කියල 

Message එක Type කරන්න හදනකොටම...... 

පසුගිය කොටස : Unlimited ආදරේ - 3 | මං අකමැත්තෙන් උනත් බැස්ස



Battery Dead වෙලා Phone එක Off උනා. 

ටිකකින් කට කපල සෙනඟ ඉන්න මාතර - කොළඹ බස් එකක් ආව. කමක් නෑ කියල හිතාගෙන ඒකෙ නැගල මම ගෙදර ගියා. ගියා නෙමේ අනේ මංද පාවුනා වගේ නිකං. ඇයි යකෝ කොච්චර ආතල් ගත්තත් ජීවිතේ පළවෙනි වතාවට නෙ මේ වගේ Feeling එකක් දැනුනෙ. 

ගියපු ගමන් සිං ගාල Phone එක Charge වෙන්න ගහල Reply එකක් දැම්ම

Sorry dr. Mama dn gdra awe. Phn eka off una. Ekai reply kranna bari une. 

ටිකකින් reply එකක් එනව

Who r u? 

කියල. මට දැං මාර අප්සට්. භයයි reply කරන්නත්. ඕන එකක් වෙච්චාවෙ කියල මම කිව්ව.

Mama *****. Ai mawa danne na wage msg kranne ? 

Ahh sorry *****. Mama Vishaka nemei. Eyage frnd knk. Eya mage phn eken msg kre oyata. Eya gawa phn ekak na. Eyata kiyanna deyak thiyenawa nm kiyanna. Mama kiyannam eyata. කියල ටිකකින් Reply එකක් ආව. 

මම එතකන් දැනගෙන හිටියෙ නෑ එයාට Phone එකක් නෑ කියල. එයා යාළුවෙක්ගෙ  Phone  එකකින් මට Message එක එවල තියෙන්නෙ. ඉතිං එයාගෙ යාළුවට මම මගේ සේරම විස්තර කිව්ව. එයත් විශාකා ගැන දන්න සේරම දේවල් කිව්ව. මම විශාකලගෙ ගෙදර Land Line එකේ Number  එකත් ඉල්ල ගත්ත. මට දැං හෙණ fit. ඇයි ඉතිං එයා ගැන ඔක්කොම මං දන්නවනෙ. 


**************************************

ඔහොම සතියක්ම ගෙවුනා. ගෙවිල ගිහිල්ල දෙසැම්බර් 12 ආව. අපිට O/L පටන් ගන්න දවස. මම එයාව දැක්කා, එයා හිනා වුනා, මාත් හිනා උනා, ඒත් එක වචනයක් වත් කතා කරන්න බැරි උනා. එයා ගියේ එයාගෙ අම්මත් එක්ක. :( දුකයි ඒත් මොනා කරන්නද?

ගියා විභාගෙ ලියන්න. හැක් යනකොට ළහිරු අයියගෙ දෑසින් පෑ Video එක Shoot කරනව. උපේක්සා අක්ක දැක්ක ගමං ටොයිං උනා. :o 

**************************************

විභාගෙත් ඉවරවෙන දවස ආව. මං හිතුව අදවත් එයා දැක ගන්න ලැබෙයිද කියල. ම්හ් නෑ අෆ්ෆා. මුනා කරන්නද. බළාපොරොත්තු සුන් වු මෙව්ව එකෙන් ගියා Stand එකට.

හුටා! මෙන්න යකෝ මේකි Stand එකේ. එකම ඉදළ උනේ එතන එයාගෙ අම්ම හිටිය. එදා වගේම අදත් දුක තමා රංජනී කියල වෙන්ඩ නැන්දම්මට හොරෙන් එයා දිහා අනිමිසලෝචන පූජාව කර කර හිටිය බස් එකක් එනකං. මගේ වෙලාවටම එදා එයාලගෙ පැත්තට බසුත් අඩුයි :D

සැක් එදා වුන සාටර්ම සීන් එක උනේ ඔයි වෙලාවෙ . මතකයි නෙ මං කිව්ව එදා O/L වල අන්තිම දවස කියල. අපේ එකෙක් ගැහුවෙ නැතෑ සුපිරි නිල් පාරක් Uniform එක බතික් වෙන්නම.

@#$%^&*

මේකිට හිකිස් ගාල හිනා ගියා. මට මලේ මල. ඇයි යකෝ මෙච්චර හොඳට හිටපු එකාට මුං කරපු අසික්කිත වැඩේ. එයාට නං තාමත් හිනා. 

හුහ්!  හිතං ඇති මට හිනා වෙන්න. එවෙලෙම ආපු බස් එකක නැගල මං ගියා . මං දැක්ක මේකි මූණ කජු ලෙල්ලක් වගේ කරං බිම බලා ගන්නව. මොනා කරන්නද ඒ වෙලාවෙ ආපු හැඟීමනෙ පිට කරේ. නැතුව එයාට ඔරවන්න තරං මෙව්ව එකක් මගේ තුං හිතකවත් තිබ්බෙ නෑ. 


ඉතිරිය ඊළඟ පෝස්ට් එකෙන්.

2 comments:

  1. නියමයි.. ඔන්න කියෙවුවා.. ඊලග එක එනකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ.. ළගදිම දාන්නම් :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...