ආකාසය එක පාරට පෝස්ට් ලියන්න පටං ගන්නො ආයි නවත්තනෝ මාස 5ක් 6ක්. අනීමංද අප්පා. :) ඒත් ප්‍රේක්සක ජනතාව මාත් එක්ක සුට්ටක් හරි ඉන්නෙක ගැන මං අම්මට සිරිවෙන්න සතුටුයි ඇ! මගේ ප්‍රමාණය ඉතිං :D
අනුත්තරා (තවත් එක් සිඟිති ආදරයක්) 1
එදා වලියක් දාගෙන නංගිට යන්නං කියල ආවානෙ. පව් කෙල්ල අන්තිමට දැකපු විදියට මට මාර දුකක් හිතුන. මොනා කරන්නද? දුක තමා. ගෙදර ඇවිල්ලත් මට මාර අප්සට්.
*****************************************************************
පස්සෙන්ද උදේ 8ට විතර... මං සිරසෙ පැංචා බල බලද කොහේ ඉන්නකොට එකපාරට (දඩෝං :P)
'ආකාසයියා! ආකාසයියා!! අපේ අම්ම කතා කරනෝ.......' අර වසංගත වොයිස් එක ඇහුන. ඒත් මට ඇහුනෙ නැති ගානට හිටිය. තරහෙං වගේ. ඊට පස්සෙ අපේ මමාට ඒකිගෙං කෝල් එක'ඇන්ටි ආකාස අයිය මාත් එක්ක තරහ වෙලා. එයාට කතා කරන්ට කියන්ටකො.'


