November 26, 2012

වැටිච්ච කතා - 1 | ද කටුස්සා


හැක් උඩ දැක්කද ඈ? හූයේ.. හැක් අඩේ ඔය අඹ ජම්බු ගස් වලිං වැටිච්ච ගැන නමේ මේ කියන්නෙ ඈ. ඇත්තටම ආකාසය පොඩි කාලෙ ඉදං වැටිච්ච, ඒ කියන්නෙ ඇත්තටම වැටුනු දවස් ගොඩක් තියේ, මේ කියන්නෙ දණ ගාද්දි ඇවිදින්න හදද්දි වැටිච්ච නෙමේ. ඊට වඩා වෙනස් ටිකක් රසවත් සිදුවීම් ඈ..
ආහ් පුංචි කාලෙ ඉදං වැටිච්ච බෝමයි කිව්නෙ ඈ...  බෝමයි කිව්වට 5ක් 6ක් තමා.. මේ එකවෙනි එක.. ඒක හොද නං අනිකත් දාන්නං..  ඒම ඒම දිගටම යමු ඈ..

ඕං කතාව...

ඊට කලිං කියන්නෝන ඒ පොඩ්ඩට මුළු පවුලෙම ආදරේ ලැබෙනවලු. පට්ට අහිංසක ඩයල් එකක් ඈ.. දැං වගේ නෙමේ.

le Me
බලාල්ලකො ඈ සික්ස් පැක් බොඩියත් එක්ක ගන් එක අතේ තියං ඈ.
හුරුබුහුටි පෙනුම ඈ
ඇත්තම කියනවනං ඔච්චර කෙස්ටු නෑ ඔච්චර උසත් නෑ
පොඩි එකා :D
ඕං එකෝමත් එක කාලෙක..අයි තින්ක් ඉට්ස් මස්ට් බී 1997 ඕ 98 වකවානුවේ එක ලස්සන දිනක් උදා උනාලු එක ළමෙක්ට (ඌට අවු: 2ක් 3ක් කියල හිතාල්ලකෝ ඈ. පොඩි එකෙක් කිව්වෙ වචනයේ මොකද්ද අර්තෙං ම පොඩි එකෙක්. දැං ඔය වයසෙ ඉන්න ඇම්බැට්ටොන්ට වඩා හාත්පසිංම වෙනස් එකෙක්ට). ඉතිං පොඩි එකා උදේ පාංදරම නැගිටිනවලු ආයෙ දෙකක් නෑ 5.30 වක්කත්. නැගිටල කරන්න ඕනේව ඔක්කොම කොරගෙන යනවලු උගේ ආත්තම්මත් එක්ක කුස්සියට (කකුස්සියට නෙමේ යකෝ ) . ගිහිල්ල ලිප ගාව ඉදං දොඩව දොඩව ඉන්නවලු. පොඩ්ඩට කුක්කු බෝතලේ අම්බුනාම ඉතිං ඉස්සර පොඩි ඈයො ඔක්කෙම කොන්න වැඩේ දන්නවනේ. අර සූප්පුවෙ උඩ ටික කනේක.. අනේ ඉතිං දෙයියංගෙ පිහිටිං මෑන්ස්ගෙ අම්මට මාස 3කට සැරයක්වත් කුක්කු බෝතලේ සූප්පුව මාරු කරන්න වෙනවලු (ඕවයෙ දින ගැන නං හරියට දන්නෑ. මොකෝ ඕව අහන්න ගිහිල්ල අම්මගෙං බැනුං ආන්න බෑ).

ඒ කතා පැත්තකිං තියමුකො ඈ. ඔන්න දැං ටිකක් උදේ වෙලා මූව නාවල කවල පොවල ඔක්කොම කොල්ල පව්ඩර්ද අරවද මේවද ඔක්කොම දාල ලෑස්ති කොරල එයාගෙ අම්ම වැඩට යන්න හැදුවලු.. ඉස්සර අම්ම වැඩකලේ ඒ දිස්ත්‍රික්කෙ ප්‍රධාන තැපැල් කාර්යාලෙ.. අර පෝස්ට් ඔෆිස් කියන එකේ උඩම තට්ටුවේ (ඔක්කොම තට්ටු 5යි).
මේකව හම්බෙලා අර නිකං දෙන නිවාඩු ටිකත් ඉවර වෙලා තව නිවාඩු අරං නෝ-පේ යන්නත් වෙලා. ඉතිං පනිස්මන්ට් ට්‍රාන්සර් විදියට වෙන දිස්ත්‍රික්කෙකට දාල. ඒක ටිකක් දුරයි ලු.(හිතාල්ලකො ගාල්ලයි, කළුතරයි වගේ ඈ.*) . ඉතිං අම්ම ගියා කියල මූට ලොකු පාළුවක් දැනෙන් නැතිලු. ඇයි ඉතිං අම්මගෙ නංගිල 3ක්ම ඒ දවස් වල ගෙදරලු (ඒ කිව්වෙ බැදල නෑල්ලු ඒ දාස් වල.යකෝ පව්ලෙ 11ක් ඉන්නෝ. ). ඉතිං උං 3 දෙනාගෙම වැඩේ මූව හුරතල් කන්නෙකමලු. ඉතිං මචංලා මේක දවල්ට හබුං කාලප කාරිය පෙඩි දොයිය පාරක් දාන්න ගියාලු.
දැං ඉතිං නිදිලු

.
.
.
.
.

ඇරපු අතක් නෑ මේකමයි ඈ ගන් එක
ගීල්ල තුනාමාර වෙද්දි විත්‍ර නැගිටල පොඩ්ඩක් ටිකිරි මොළේට මෙව්ව එකක් පාල වෙලා මාමා කාරයෙක් ගෙනත් දුන්න අර ඉස්සර කාලෙ වතුර විදින තුවක්කු තිබ්බෙ (Water Gun) අනේව එකක් අරං ගියාලු වතුර පුරවං එන්න. (මේ මේකගෙ අම්මගෙයි තාත්තගෙයි දැඩිබල විරෝධෙ ඔය ගන් එකට.. ඒත් මෑන්ස් අතෑරියෙ නෑ කෝම හරි හංගං හිටිය :D )

ඇවිල්ල ඉන්නකොටත් අර 11න් අන්තිම පුරුක් 3 ඒ කියන්නෙ බාලම පුංචිල සෙට් එකෙං වැඩිමල්ම එකා ඉන්නවලු. එයාටත් මොනාදෝ කියල ඔන්න ගියාලු වත්තෙ පොඩ්ඩක් සැරි සරන්න ඈ.. ආයුදෙත් අතේ තියං. ආහ් කියන්න බැරි උනා පොඩ්ඩ ඉදල තියෙන්නෙ පාර ගාවම ටිකක් උඩිං ගේකලු. පට්ට පඩිපෙලකුත් එක්ක. ඔය පාල තියෙන්නෙ ඈ


ඉතිං මෑන්ස් දැක්කලු අර පඩිපෙළ ගාව සෝස පදුරෙ ඉන්නව (මොකෙද්ද? ) අලි පත තඩි සයිස් කටුස්සෙක් ගත්තලු පුරුස දයිරිය අතට ගන් එක අරං ඒම් එක ගත්තලු.. කටුස්ස ළගට ගිහිල්ල සේප් එකේ විද්දලු වතුර පාරක් ආයෙ නෑවිලම යන්න..

ඕන කරන Details ඔක්කොමත් එක්ක ඕන්න
ආත්තම්මා‘ස් හෝම්. අඩේ මේ ඔය වගේ සූටි ගෙයක් නෙමේ තීන්නෙ ඈ.
අරූට  අදින්න බැරි උනාට මං මක් කොරන්නද ඈ :/
කටුස්ස එකෆාරටම භය වෙලා පැන්නලු අහකට. පොඩ්ඩත් ඩිම් වෙලා පැන්න පාර අර පඩිපෙළ දිගේ රෝල් වෙලා රෝල් වෙලා ගිහිං අර තාර පාරෙං එහා පැත්තට ගිහිං නතර උනාලු. අර පුංචියත් වැඩේ අවුල් නිසා දූ.....වගෙන ගිහිං ඌ මැරිලද බැලුවලු. නෑ නෑ මැරිලද කියල නෙමේ මොකද වෙලා තීන්නෙ කියල. හෆ්ෆා එතන ඉස්ටෝරිය දැක්ක එකෙට්ටනං තනිඇහැට ඇඩෙන්නෙ ඈ.. පුංචියට දැං පිස්සු වගේලු.. අනික් දෙන්නත් ගෙදර එකෙක් මැරිල වගේ අඩනවලු දමාගෙන..  හැබැයි පොඩි එකාට ගානක් වත් නැතිලු ඌ අර දුවං ගියපු පුංචියගෙ ඇගේ එල්ලීගෙන හිනා වෙනවලු. වැඩේ කියන්නෙ එක සීරීමක්වත් පොඩ්ඩට වෙලා නෑනෙ ඈ.. ඇත්තමයි. පොඩි එකා වාසනාවන්ත නිසා. නැහ්නං වාහනයක් ඒම ආවනං කෑලි අතේ.

ඔන්නෝක තමා සූටිකාලෙ වැටිච්ච සීන් වලිං එකවෙනි එක... මම කිව්වනේ තව එව තියෙනව. පස්සෙ වෙලාවක දාන්නං (ළගදීම). අඩේ මේ මේක උනේ මට ඒම නෙමේ ඈ.. :P ඔය උඩ තීන පිංතූර දෙක ඇන්දෙත් මං නෙමේ ඈ.. අර ආකාස පුතා කියල එකෙක් ඉන්න බුකියෙ. අන්න ඒකා

*සැ.යු :- නම් , ගම් සියල්ල මන:කල්පිතයි
ආ අමතක උනා පළවෙනි පෝස්ට් එකට උණුසුම් පුතිචාර තිබ්බ. බෝම ස්තූතියි හැමෝන්ටම!

ඒනං ගිහිං එන්නං ඈ.
ඔක්කොටම බුදු සරණයි!
ජය වේවා!

8 comments:

  1. 1. හෆ්ෆා..... මොනව කියන්නද කියල හිතාගන්න බෑ. මේ වගේ වැටිලි 5ක් 6ක් වැටිල ඔලුව අප්සට් නොවී තියනවනම් ලොකු දෙයක් :D

    2. කොල්ලට මෙහෙම වැටිල්ලක් වැටිලත් සීරීමක්වත් වෙලා නැත්තෙ පොඩි කාලෙ ඉඳන් ඇඟ හදාගෙන හිටපු නිසා වෙන්න ඇති :P

    3. අනික චිත්‍ර ඇඳපු බුවා "හැම චිත්‍රෙම වරද්දලා ඇන්දත් පට්ටටම ඇඳල තියනව" කියලත් ඌට කියහන් ;)

    ReplyDelete
    Replies
    1. උත්තර
      1. හැක්.. අනේ මංද අම්මල නං කියන්නෙ මට අප්සැට් කියල

      2. නැහ්නං.. සූටිකාලෙ ඉදංම ජිම් ගීල්ල යකඩ පොල්ලෙ දෙපැත්තෙ අර මොනාද පියං දෙකක් එල්ලං බාර් ගාල තමා අදා ගත්තෙ... like a boss :D

      3. හුකෑස්... නැහ්නං... ආයෙ දෙකක් නෑ.. ඌ මොනාලිසාවත් පිරිමියෙක් විදියට ඇදපු එකෙක් :D

      Delete
  2. මේක වෙලා තියෙන්නේ උඹට වෙන්නෝනි මලයෝ.. උඹේ ඔය තියෙන සයිකෝ ගතිය ඇවිල්ලා තියෙන්නේ පඩිපෙලේ රෝල් වෙලා යනකොට ඔලුව වැදිලා වෙන්න ඇති.. :D :D :D

    ReplyDelete
    Replies
    1. ඒමත් වෙන්ටත් බැරි කමක් නෑ ඉතිං :D

      Delete
  3. වැටෙන්න වැටෙන්න තමයි නැගිටින්න පුළුවන් තව තවත් වැටියන් :D

    ReplyDelete
    Replies
    1. අනිවා ඈ... උඹ කිව්ව නිසාම වැටෙනව.. අඩෝ සිරාවට.. දැං අවුරුදු 4කිං විතර වැටුන්නෑ.. මං අනිව තව ටික දාසකිං වැටෙනව සුවර්... තෝම හරි අවුරුදු 3ක් 4ක් ඇතුලත වැටෙනවමයි.. එකපාරක් හරි ආයෙ නැකිටින්න බැරි වෙන්නම...

      Delete
  4. තොගෙ මොලේ කචල් මොකද කියලා මට හිතාගන්න බැරුව හිටියෙ.. දැන් ඒකත් හරි

    ReplyDelete
    Replies
    1. හැක් ඇත්තනේ පුතා.. උඹ දැං නෙ මේ කතාව දන්නෙ ඈ.. :P
      තව මොනාද ඔයාට දැන ගන්නනෝන???

      මේකත් බන්නට ඈ...

      වැටිච්ච කතා - 2 | මම වැටුන කියල අපේ අම්මට එහෙම කියන්නෙපා හොදේ

      http://the-sky-limit.blogspot.com/2012/11/2.html

      Delete

Related Posts Plugin for WordPress, Blogger...