November 23, 2012

එක් මායිමක තවත් ඇරඹුමක්


මේක කොහෙං ආරම්භ කරන්නද කියල නං තාමත් හිතා ගන්න බෑ. ඉස්සෙල්ලම කියන්න ඕන බ්ලොග් අවකාශෙට මම අළුත් කෙනෙක් නෙමේ (හැබැයි කව්ද කියල කියන්නෑ ඕං). ටිකක් anonymous වෙන්න ඕනකමක් තිබ්බ නිසා තමයි මේක පටං ගත්තෙ. හැබැයි ඉතිං ඒත් මම ලොකුම “අයිය“ කෙනෙකුත් නෙමේ. ගොඩක් ලොකු දේවල් ලියන්න නෙමේ ආවෙ.

කොටින්ම කිව්වොත් අහස් මායිම කියන්නෙ අහස ගැන මෙලෝ හසරක් නොදන්න පොඩි කොල්ලෙක් ලියන අළුත් බ්ලොග් එකක් කියල හිතා ගන්නකො.

ජීවිතේ වෙන සිදුවීම් හැම එකක්ම nominal (නාමිකව) කියන්න බැහැ නේද? . ඒකත් එක හේතුවක් වෙන්නැති මම මේ බ්ලොග් එක හදන්න.

ජීවිතේ කරපු විකාර, ලබපු අත්දැකීම්, කරපු හොද වැඩ, නොදැන කරපු ගොං වැඩ වගේ රසවත් සිද්ධි ඕන තරම් මගේ ජීවිතේ තියෙනව. ඒව ටිකෙන් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මාත් ආස.. ජීවතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙමේ කියල කව්ද කියල තියෙනවලු නේ. ඉතිං අපි බලමු ඉස්සරහට. අහස් මායිම තියෙන්නෙ විදින්නද විදවන්නද කියල....


මේක ලියන මම නැත්නම් ආකාස පුතා ගැන කිව්වොත් මමත් තරුණ වයසෙ ඉන්න , අපේ භාශාවෙන් කියනවනම් කාටවත් හිරිහැර නොවෙන විදියට Full ආතල් එකක් ගන්න, හැම දෙයක් ගැනම වෙනස් විදියට ටිකක් Seriously හිතන, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ගොඩක් කැමති , අහිංසක කොළු පැටියෙක් කිව්වොත් හරි.

දැනට ඉතිං ඔව්ව මෙව්ව ටික තමා කියන්න තියෙන්නෙ.. බලමුකො.....

මාත් අනික් අයට වගේම පෝස්ට් එකකට ගොඩක් Comments වැටිල, Blog එකට Followers ල වැඩිවෙලා මේක ලස්සන Blog එකක් වෙනවට කැමතියි. ඒක මට විතරක් කරන්න බෑනෙ. ඔයාලගෙ සහයත් ඒකට ගොඩක් ඕන. හරියටම කිව්වොත් 75%ක් විතරම

අදට මම නවතින්නම්
අහස් මායිමට ගොඩ වැදුන ඔයාල හැමෝටම ගොඩක් පිං!

ජය වේවා!

16 comments:

  1. අපි අපේ පුල් සප් එක දෙනවා... සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ටැංකූ ඈ...වැටුන 1වෙනි කමෙන්ට් එකම Anonymous වුන නිසා පට්ට හැපි ඈ...

      Delete
  2. එලස් ආ අපෙනුත්.

    ReplyDelete
    Replies
    1. ටැංකූ මාමා... ආයේ එකෙංම ඈ... (y)

      Delete
  3. සුබ පැතුම් කොළුවෝ.. දිගටම දියන්නෝනි හරි. මගදී අතෑරලා දානවා එහෙම නෙවෙයි.

    ReplyDelete
  4. තිය්හෙන බ්ලොගිය තියන් නිකන් හිටු බොල!

    ReplyDelete
    Replies
    1. ඈ.. බෑ බෑ නිකං ඉන්නං මේක හැදුවෙ අහවල් එක වහගන්නෙයි?? :/

      Delete
  5. ඔන්න මාත් ආව මෙ පැත්තට සුබ පැතුම්...

    ReplyDelete
  6. ඔන්න මාත් ආවෝ..... :)

    ReplyDelete
    Replies
    1. එලාස්... හැබැයි සනමලී මෙහේ මල් නෑ ඈ...

      Delete
  7. මොකාද ඉතින් මේකා.......... මෙහෙම පොඩි ෆොන්ට් වලින් ලියන උන් ඉන්නේ කීප දෙනෛ බලමුකෝ

    ReplyDelete
    Replies
    1. බෝව අදුරන එකෙක් තමා.. ටික දවසක් හිටපිය.. දැනගන්න ලැබෙයි...
      හැක්.. මේක තමා මගේ පේවරිට් ඈ.. ටැංකූ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...