November 29, 2012

වැටිච්ච කතා - 2 | මම වැටුන කියල අපේ අම්මට එහෙම කියන්නෙපා හොදේ


හුම්ම්ම්.. විස්තර කියන්නෝන නෑ නේ.. 1වෙනි එක කියෙව්වනං දන්නව නේ.. හෙන වාසනාවංත කොලු පැට්ටෙක් ගැන කියන්නෙ කියල ඈ. ඕක උනේ අවුරුදු 3දි විතරනේ ( ඉපදුනෙ 95 :D ) ඔන්න පස්සෙ ඉතිං මොට්ටසෝරී මෙව්ව එහෙකටත් ගිහිල්ල කාරිය ඉක්කෝලෙ යන්නෝන නිසා අපි පරණ ගෙදර දාල ඇනෙක්ස් එකකට ගියා. එකක් කිව්වට එක ලග එහෙම ඒව ගොඩක් තිබ්බ . පරණ ගේ ටිකක් ඉස්කෝලෙට දුර නිසා ( එහේ ඉදං යන්න පැයක් යනව.. නෑ ඒ දවස්වල හයි-වේ තිබ්බෙ නෑ මෙයා :P ). ඉතිං ඔන්න 2001දි තමා ගියේ. ඉතිං මට ගමට වඩා ලාලු කස්ටිය හිටියෙ එහේ. හැමෝම වගේ මගේ වයසෙ. ඔන්න කාලයක් යනකොට මාත් එක්කම එයාලත් උස ගීල්ල ඒම ඈ. ඔන්න අවුරුදු 8ක් විතර උනා කියමුකො ඈ.

එදා වගේම ඔන්න ලස්සන දවසක් (මයෙ මතකෙ හැටියට ඒක හෙනහුරාදාවක්) උදාවුනා.


ඉතිං ඔන්න කස්ටියම මූන කට හෝදල කාරිය කාල බීල සෙල්ලං කොරන්න එළීයට බැස්ස. කස්ටිය කිව්වට වැඩිය හිටියෙ නෑ. මේක මම ලියන්නෙ නම්, ගම් මන:කල්පිත ව නිසා මම එක එකාගෙ නම් නොදා නික් නේම් දාන්නංකො. මම  , දගයා , කළු පුතා , රතු ඇස්කොට් (මූ පට්ට සුදුයි, ඒකයි) , ඔතනිං මායි, දගයයි, කළුවයි තුන්දෙනා එක වයසෙ. කළු පුතා ඉස්කෝලෙ මගේ පන්තියෙමයි ඈ.තව හිටිය අපිට වැඩිය අවුරුද්දක් වැඩිමල් අක්කෙක් අර ඇස්කොටාගෙ නංගි අපි එයාට විල්මා කියමුකෝ.  තව කියනවනං ඉතිං අපේ රාජධානිය හෙනම Open එකක්. හැම පැත්තෙංම එතහැකි. වැඩි විස්තර කියන්නෙ ඉස්සරහට තියෙන කතා වලටත් මේව ඕන වෙන නිසා (පහළ තීන්නෙ මැප් එක ඈ. )

With Full Details ඈ.. පේන්නෙ නෑ වගේම නං
මේක උඩ කොටන්නකො

උදෙම්ම ගහන්නෙ ක්‍රිකට් තමා . හුම්ම්ම් 1.30 විතර වෙනකං සෙල්ලංකොරා කියමුකො. සෙල්ලන්ද කොරේ කියලත් හිතෙනව. ඇයි යකෝ නීති රීති වැඩියි නෙ ඈ International ඒවට වඩා. ඉතිං රණ්ඩු තමා. තරහ වෙනවා යාළු වෙනවා. ඕක තමා ජීවිතේ. ඉතිං ඔන්න Lunch එක නිසා Bad Light කියල එක පැත්තකට දිනුම දීල බෝම අමාරුවෙන් තරගෙ ඉවරකරා කියමුකො.  ඒම කියල ආයෙ සෙල්ලං නොකර ඉන්නයැ. හවසට ආයෙ සෙට් වෙමු කියල විසිරුනා ගෙවල් වලට.

ඉතිං ඔන්න කස්ටිය ආයෙ කියපු විදියට සෙට් උනා 3.30ට විතර. එක එකා එනකං වාඩිවෙලා ඉන්නෙ අපේ රාජධානිය මැද කොනක තිබ්බ සිමෙන්තියෙං හදපු ලොකු සිංහාසනයක් නොහොත් Bench ( ඔව් බං බංකුව තමා. පොඩ්ඩක් පොෂ් වෙන්නොන නිසා කිව්වෙ) එකේ. උඩ මැප් එකේ ඇති. ඉතිං එම ඉන්නකොට එකා දෙන්න ඇවිල්ල කස්ටිය හරි.

ඕං සිංහාසනයයි, මායි, දගයයි, ගහයි

එකපාට්ටම දගය බංකුවෙ අර හේත්තිවෙන කෑල්ලෙ උඩ ඉදං පැන්න බිමට . අවට ගෙවල්වල උන්දැල ඔක්කොම ඉතිං මේ පොඩි සෙට් එකේ ක්‍රීඩා කවුසල්‍ය තමා බලං ඉන්නෙ.

දන්නවනෙ පොඩි එවුංගෙ හැටි දැං කස්ටියම වැඩේ දිගට කරං යන්න ගත්ත. හෙන චැලේන්ජ් එක. එකෙක්වත් පරදින්න කැමති නෑ. අනික් එකාට වැඩිය දුරට තමා පනින්නෙ. එන්න එන්න දුර වැඩී. ඔය බංකුව පිටිපස්සෙ තිබ්බ අලි පත විසාල අඹරැල්ල ගහක්. කොස් ගහක් විතර ඇති ඒක. ඉතිං ඔය දෙක අතර පොඩි හිඩැසක් තමා තියෙන්නෙ. අර ගහ අල්ලගෙන බැලන්ස් එක අරං එක පාට්ටම පයින්න තියෙන්නෙ. ඉතිං ආකාසෙත් වැඩේ අතාරින්නයැ. පැන්න. දුරටම පැන්නෙ ඉතිං මෑන්ස් තමා.

දැං තුංවෙනි පාරටත් පැනල ඉවර වෙලා වටේ ඇවිල්ල ආකාසට පයින්න හම්බුනා.නැග්ග බංකුවට නැගල අර බංකුවෙ උඩ කෑල්ලටත් නැග්ග. දැං ඉතිං අනික් පැත්තට හැරෙන්නෝනනෙ. ගහ අල්ලගත්ත හැරුන.
.
.
.
.
ඔව් හැරුන හැරිච්ච ගමන් එකපාරටම අර ගහයි බංකුවයි අතර ස්පේස් එකෙං මෑන්ස්ගෙ කකුල ලිස්සල බිමට වැටුන. වැටුන කියලනං මට මතකයක් නෑ. නිකං පාවෙනව වගේ සීන් තමා මතක. එකපාරටම අර තඩි ගහේ මුළක ඔළුව වැදුනු ශොට් එකට ඇහැරුනා. තත්: 2ක්3ක් විතර යන්නැති ඔක්කොම වෙන්න. වටේම ඉන්න මිනිස්සු තක්බීරි වෙලා. අපේ ගෙදර අය දන්නෑ සීන් එක.

දැං නිකං මට කලංතෙ වගේ. ටිකක් නැගිටින්න බැලුව. පුලුවං. නැගිටින්න පුලුවං නිසා අඩාගෙනම වගේ ගියා රතු ඇස්කොටා ලැයි ගෙදෙට්ට. යනකොට ඒ ඇන්ටි සිද්ධාලේප කුප්පියක් ඇරං ඇවිත් නළලෙ ගෑව. ඒ මදිවට නහයෙං ලේත් එනව. ඒකත් පිහිදාල ඉවර උනාම. මොකද්ද දන්නවද මං කිව්වෙ

"ඇන්ටි මම වැටුන කියල අපේ අම්මට එහෙම කියන්නෙපා. හොඳේ."
 

ඕක තමා කිව්වෙ. හැබැයි ඉතිං ඒ වෙනකොටත් අපේ අම්ම දැනං ඉවරයි. ඉතිං එදා ඉදං ඒ සෙල්ලම නං අපි කව්රුවත් කලේ නෑ. වෙන වෙන පිස්සු වැඩ නං කලා.  බලමු පුලු පුලුවං විදිහට ඒවත් ලියන්නං. කමෙන්ට් එකක් දාලම යන්ටකො. නැහ්නං හරි නෑ. ඔයාලත් වැටෙන්ඩ පුලුවං.

අදත් සිතුවම් අනුග්‍රහය ආකාස පුතා විසිනි.

එහෙනං,
අදට ආයුබෝවන්!

10 comments:

  1. අම්මා මොකද කොලුවෝ කිව්වේ? :D

    ReplyDelete
    Replies
    1. නෝ වර්ඩ්ස්.. බැන්නෙත් නෑ.. හොදක් කිව්වෙත් නෑ.. ඒ ගැන කතා කරෙත් නෑ.. එකවෙනි වතාවට අද ඔය සිතතරේ අඳිනො දැකල ඇහුව “ඔය උඹ එදා වැටුනෙ තැන නේද“ කියල :D

      Delete
  2. බැරි වැඩ නොකරන් ආකාසයෝ කියලා පත ටොක්කක් ඇන්නා නම් මරු

    ReplyDelete
    Replies
    1. අනේ බං මේ සයිස් එකට ගෙඩි ගැහිල තියෙන ඔළුවට ටොකු ඇන්නම තව ටිකක් මේම අර කාටුං වල වගේ උඩට ආවොත් ඉදිමිලා.. කාට කියන්නද බං?? :(

      Delete
    2. මේකේ අකුරු ටික පොඩ්ඩක් ලොකු කලොත් හොදයි වගේ නේද ආකාස පුතේ

      Delete
    3. ඇයි අවුල් ද බං? හම්ම්ම්...

      Delete
  3. උඹ ඉල්ලන් නේ කන්නේ හැම පාරම :D

    ReplyDelete
    Replies
    1. හුකෑස්.. කියල වැඩන්නෑ බං... පුරුද්දනෙ :D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...