February 14, 2013

මචං, උඹල කවදාවත් අමතක වෙන්නෙ නෑ!


ම්ම්ම් හිතෙනව ඇති මොකක් ගැනද කියන්නෙ කියල නේ?? මේකයි...

අනූව දශකෙ ඒ කියන්නෙ 1990 ඉදං 1999 වෙනකං අවුරුදු වල හරි ඊට කලිං ඉපදුනු ආච්චිල සීයලා හරි ඉන්නවනං දන්න දෙයක් තමයි මේක... මොකද්ද? අපිට පුංචි කාලෙ තිබ්බ ගැජට් කෑලි ටිකක්... පොඩි කාලෙ මතක් වෙන්නත් එක්ක තමා මේ ලිපිය දාන්නෙ.

මට මැසිමක් හම්බුනේ 2003 විතර (මං 3 වසරෙ විතර ඉන්නකොට)
උඹලට කියන්න P3 මැසිමක් තිබ්බෙ ඈ. මගේ හාඩ් එක තිබ්බෙ 8GB, VGA 16MB, Ram 128MB. හිතපල්ලකො කෝමද කියල. හැබැයි ඒ ටික මට ඒ කාලෙ හැටියටනං මදි උනේ නෑ :D . ගැහුවෙ Road Rash, NFS II , Midtown Madness , පොඩි පොඩි Flash ගේම් වගේ ඒව තමා. දැං කාලෙ වගේ ඔය ප්‍රෝග්‍රැමිං, ඩිසයිනින්ග්, එඩිටින්ග් වගේ ඒව ගැන කැහිල්ලක් තිබ්බෙ නෑ නේ.

ආ මෙන්න ලිස්ට් එක. මතකද? දන්නවද කියල බලන්නකො. අපිත් එක්කම මෙයාල වයසට ගිහිල්ල, දැං අපිට නොකියම මෙයාල යන්නත් ගිහිල්ල. 2000න් පස්සෙ ඉපදුන මල්ලිලා නංගිලා නං මේව ගැන අහලවත් නැතුව ඇති.



1. Floppy Disk

ඉස්සර මේකෙං තමා කරන වැඩ හැම එකම කරේ... දැං හිතෙනව ඇත්තටම මේකෙං ගෙනියන්න පුලුවං මොනාද කියලත්. පිංතූර, වීඩියෝ විතරක් නෙමේ ගේම් හිටං ගෙනිච්ච නේ. අම්මප ඈ... :( .. ඒ දවස් වල මෙයින් පාට පාට හරි තනි පාට හරි සෙට් එකක් තියෙන කෙනා හෙනම වැඩ්ඩා. :D මටත් තිබ්බ. මාත් හෙන වැඩ්ඩෙක්නෙ ඒ කාලෙ -_-
ඇත්තටම 1.44 MB වලිං කරපු දේ නං හිතා ගන්නත් බෑ. තාමත් මගේ ලාච්චුවෙ මෙයින් එකක් තියේ... :D 




2. Cassette 

මේකෙන් කරන්නෙ සිංදු අහනෙක විතරක් කියල නං මම හිතන්නෙ නෑ. මොකද මේකයි පැන්සලයි අතර තිබ්බ සම්භන්දෙ දන්නෙ අපි විතරයි. පොඩි කාලෙ මේවයින් කරපු සෙල්ලං නං හෙණම විකාරයි...
දැනටත් අපේ තාත්ත ගාව සිංහල වගේම ඉංග්‍රීසි සිංදු කලෙක්ෂන් එකක්ම තියේ. 


3. VHS

මේව නම් දැනටත් තියේ. අපේ ගෙදර පොඩි ඩෙක් එකක් තිබ්බ. තාත්ත ඉතිං හැමදාම එනකොට මෙයින් එකක් අරං එනව. ඔක්කොම කාටුන්. Tom and Jerry තමා වැඩියෙන්ම බැලුවෙ.



4. TV Game

අප්පා මේක තමා ෆේවරිට්... පට්ට ඈ. ගේම් කාඩ්රිච් එකක් ගෙනත් දුන්නම ආයෙ ඒකෙන් තොර ලෝකයක් නෑ. ගහනව ගහනව ඉවරයක් නෑ. කාඩ්රිච් නං ඇති අම්බානෙට. හැම එකේම තියෙන්නෙ එකමයි. ඒත් පාට එහෙම වෙනස් කරල. අපි ඉතිං රැවටෙනව. ඒත් කවදාවත් එපා උනේ නෑ මේව. ඇතතමයි 


මේව ඇර තවත් ගැජට් ඒව මේව තියේ නං ඔයාලත් Comment එකක් විදියට ඔයාල ලබපු අත්දැකීම් එක්කම දාන්න :D. මට මතක් උනේ මෙච්චරයි.:D

කාලෙකිං මේක ලියන්නත් බැරි උනා. බුකියෙ යනකොට ඔය උඩ....ම තිබ්බ පිංතූරෙ දැක්ක නිසා තමා මතක් උනේ මේව අපිත් එක්ක අපේ පොඩි කාලෙ හිටිය නේද කියල. දැං කාලෙ ඉන්න නංගිල මල්ලිලා ගැන ඇත්තටම දුකයි. ඒ වගේ සුන්දර කාලයක් අපිට ආයෙ එන්නෙ නෑ වගේම එයාලටත් එන එකක් නෑ. ඇත්තටම අපි කොච්චර මේවට ආදරේද කියල දැනෙන්නෙ මේව දකිනකොට තමා. ඒ කාලෙට යන්න තියෙනවනං මම ආයෙත් යනව ඇත්තමයි. ඒත් දුකයි යන්න බැරි එක ගැන... :(

ගිහිං එන්නං කෝ ඈ...

16 comments:

  1. අර ගේම් ගහන එක මතකද?
    https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQ2KEMNJU42A12D-MBWDX_ovjTjS3U58nLwCOCEUR9T5QTmRxjN

    ReplyDelete
    Replies
    1. අප්පා.. අමතක උනා නේ ඈ Game Boy එක.... මේව නං ඉතිං ටික දවසයි අක්කෙ තියෙන්නෙ.. සුටුස් ගාල කැඩිල යනව... :(

      මං පොලේ ගාල ඒම නෙමේ. නිකංම බිම වැටිල :D

      Delete
    2. මගෙ තුනක් තිබ්බා... කහපාට එකයි. කලු එකයි ගොඩක් කල් තිබ්බා...

      Delete
    3. සතුටුයි එහෙම කාලයක් තිබ්බ එක ගැන නම්.. :D

      Delete
  2. එළනේ ග්රමපොන් එකකුත් දාහන්




    ReplyDelete
    Replies
    1. අනිවා... හැබැයි අවාසනාවට මට ග්‍රැමෆෝන් එකක් අල්ලන්නවත් ලැබිල නෑ බං :(

      Delete
  3. මුන්ව දැකීමත් සතුටක් බං... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.... පොඩි කාලෙ අපේ බොක්කවල් නේ..

      Delete
  4. floppy ඇරෙන්න අනිත් ඔක්කොම මාත් පිස්සු වටෙනකන්ම භාවිතා කරලා තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ෆ්ලොෆියට උනේ..???

      Delete
  5. ලොවෙත් ආහ්...අවංකෙම්ම....

    ReplyDelete
  6. මමනම්, අඟල් 5 1/4 ෆ්ලොපි ඩිස්කට් සහ කළු සුදු මොනිටර් වලිනුත් වැඩ කරලා තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ දෙක නම් මට භාවිතා කරන්න හමුබවෙලා නෑ... :(

      Delete
  7. අප්පෙ ෙම්ෙට් එ සුපමාරියොි

    ReplyDelete
  8. අප්පෙ ෙම්ෙට් එ සුපමාරියොි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...