February 4, 2013

මගේ One Sided Love එක


ඔයාව දැක්ක මුල් දවසෙම 
මට ඔයා ගැන
ආදරයක් ඇති උනා 
කියල 
මම කියන්නෙ නෑ


මොකද
ඒ දවස් වල 
අපි ආදරේ කෙරුවෙ
Cartoon වල ඉන්න 
විල්මලාට ඩැෆ්නිලාට

ඒත් 
අපි ටිකක් ලොකු වෙනකොට
ඔයා දකින දකින 
වාරයක් ගානෙ
මගේ ආදරේ
වැඩි වෙනවා මිසක 
අඩුවක් නම් උනේ නෑ

ඇත්ත
ඔයා මේ කිසි දෙයක් 
දන්නෙ නෑ කියල මම දන්නව
මොකද 
මම ඔයාට 
ඒක අඟවලාවත් නැති නිසා

සමහරවිට
ඔයත් මට ඒ වගේම 
ආදරේ ඇති
හැබැයි 
ඔයා තාම 
ඒක මට ඇඟෙව්වෙ නෑ

ඔය දේවල් කොහොම වුනත්
චූටි කෙල්ලෙ
ඔයා ඇර 
මගේ හිතේ වෙන කෙනෙක් නෑ
මම හැමදාම ඔයාට ආදරෙයි 
මගේ One Sided Love එක සදාකාලිකයි.

10 comments:

  1. LoVe ඉලව් ....
    ඇතුවත් බෑ නැතුවත් බෑ

    ReplyDelete
    Replies
    1. මට නං නැතුවට කමක් නෑ :D

      Delete
  2. වන් සයිඩ් ඒවා අඟවන්න පරක්කු වුනාම වෙන එකෙක් මැද්දට පනින එක නම් ෂුවර්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මතං අපි ඕවට නැත්තෙ ඈ... ;)

      Delete
  3. Replies
    1. කෙලිය නේද තාප්පෙටම ඈ... එපාද? ආයෙ ලියන්නෑ ඒනං :D

      Delete
  4. වන් සයිඩ් ඩබල් වෙන්න කියලා දාපංකෝ.. :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...