January 6, 2013

Unlimited ආදරේ - 2 ‍| ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම

කෙල්ලට මාව මීටර්, සැරින් සැරේ මගේ දිහා බලල හොරෙන් හිනා වෙනව. ටිකකින්.... 

පසුගිය කොටස : Unlimited ආදරේ - 1 ‍| ඇරඹුම




මගේ එහාපැත්තෙ හිටපු එකාට උගෙ කෑල්ල මොකද්ද කිව්ව 

"ඒ මචං මෙහෙම කියනවට කලබල වෙන්න එපා. උඹට මතකනෙ එදා සෙමින එකේ අපි ආතල් දුන්න කෙල්ල. අර *** ට්‍රයි කරපු එක. අන්න ඒකි ***ට කියල ඒකි උඹට කැමතියි, අද හවසට ස්ටෑන්ඩ් එක උඩ පාලම ගාවදි හම්බවෙන්න කියල"

මළ කෙලියයි  ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම, උන්හිටි තැන් අමතක උනා

"ඒ **යා උඹ සිරාද ඔය කියන්නෙ?"

"සිරා නෙමේ @#තො, ඒකි කියල තියෙන්නෙ"

"ඒ මං දැං මොකද්ද බං කරන්නෙ?" 

"වෙන මොනව කරන්නද ඉතිං කැමතියි කියපං"

ඇත්තටම මාත් එයාට ටිකක් කැමැත්තෙං තමයි හිටියෙ. ඒත්.... 
මම කියල මොනව කරන්නද. කැමතියි කියන්නද? මූ කිව්වෙ ඇත්තක්ද? නැත්තං මාව අන්දන්න ගොතපු එකක්ද? ඒත් මූට ඒ වගේ වැඩක් මට කරන්නෙ නෑ කියල මං දන්නව

ඔය වගේ අමුතු සිතුවිලි ගොඩක් හිතට ආව. මම ආයෙත් අරූට කිව්ව

"**යා, මචං ඒකිට කියන්න කියහං මම කැමැතියි කිව්ව කියල" 

මට පස්සෙ තමයි ආරංචි උනේ අපිත් එක්ක හිටපු තව එකෙක්ගෙ කෑල්ලට මෙයා කියල තියෙනව කියල මට අද සෙමින එකට එන්න කියන්න කියල. ඒත් මේ මැට්ට මට කිව්වෙ නෑ නෙ ඒ වගක්. @#$%^&* 

මැසේජ් එක ආපු පාත් එකෙන්ම රිප්ලයි එකත් ගියා. කෙල්ලගෙ සුදුපාට කම්මුල් රතුපාට වෙලා. ඇස් දිලිසෙනව. ඇත්තටම මේක හීනයක්ද? නැත්තං වෙන මොකක් හරිද? අනේ මංද



ඒත් ගත්තු ෆන් එක නං නැවැත්තුවෙ නෑ. දිගටම කරං ගියා. සෙමින එකත් දිගටම ගියා

**************************************

ටිකෙන් ටික හවස් උනා. හවස 5.30ට විතර සෙමින එක ඉවර උනා.. 
මම එයා දිහා බැලුවත්, එයා මං දිහා බැලුවෙවත් නැතුව යන්න ගියා.

මට දැං මාර අප්සට්. ඇයි යකෝ කැමතියි කියලත් මේකි බලන්නෙවත් නැතුවනෙ ගියේ.

කමක් නෑ එන්න කියපු එකේ යනව. ස්කෝලෙ Cadet Sargent උනාට මේ වගේ දේකදි නිකං පොඩි එකෙක් වගේ වෙලා මම. **යත් එක්ක මම ගියා ස්ටේෂන් එක ගාවට (දන්නවනෙ. බොරු ඕන්නෑ ගාල්ල ගැන කියන්නෙ මේ. ගාල්ලෙ අය දන්නව අළුත් ස්ටෑන්ඩ් එකයි ස්ටේෂන් එකයි තියෙන හැටි) පඩි පෙළ නගින්න භයයි භයයි වගේ.

ටිකෙන් ටික පඩිපෙළේ උඩට නැග්ග....


12 comments:

  1. ela ela patta a..

    man me blog eka paththe 1 weni wathawata awe...

    ela blog ekak...

    ayeth ennam...

    www.katumatige.blogspot.com

    ReplyDelete
    Replies
    1. එළකිරි යාළුවා.... ආයුබෝවන්! ස්තූතියි ආවට...

      ආයෙත් එන්න :D

      Delete
  2. anith ekath ikmanata liyapan

    ReplyDelete
  3. Kolla Gindara Story eka..... ithiri tikak ikmanala liyala daapan..... maxaaa.... degatama liyapan

    ReplyDelete
  4. මමත් ආව ඇවිත් යන්න මේ පැත්තේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි! ආයෙත් එන්නකෝ... :D

      Delete
  5. අනිත් කොටසත් ඉක්මනින්ම දාමුකෝ බලන්න....

    ReplyDelete
    Replies
    1. එල එල.... ළගඳීම බලාපොරොත්තු වන්න...

      Delete
  6. පදිරි බන් එලස්.
    එල

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...