May 28, 2014

මචං... - Machan...


මචං...

උඹ කොල්ලෙක් නම් 
හොයා ගනිං 
උඹේ අම්ම වගේ 
ගතිගුණ තියෙන කෙල්ලෙක්

උඹ කෙල්ලෙක් නම් 
හොයා ගනිං  
උඹේ තාත්ත වගේ 
ගතිගුණ තියෙන කොල්ලෙක්

කවදාවත් උඹට වරදින එකක් නෑ
හිතපං මෙච්චර කාලයක් 
වදෙන් පොරෙන් හරි 
උඹ එක්ක ඉඳල තියෙන්නෙ ඒ අය 
දුකේදි වගේම සැපේදිත් ඒ අය උඹ එක්ක

ඒ වගේ උඹ 
හොයා ගන්න එකත් 
ජීවිත කාලෙටම
උඹේ අම්ම තාත්ත වගේ
උඹට සලකන එකෙක් වෙන්න ඕන
උඹව බලා ගන්න පුලුවන් එකෙක් වෙන්න ඕන

හිතට ගනිං
ලස්සන, ඇඟ පත, සල්ලි
ඕවට ඒ ආදරේ, ඒ සෙනෙහස, ඒ දයාව
කවදාවත් 
ගන්න බෑ මචං...

7 comments:

  1. ඇත්ත කතාව බන්

    ReplyDelete
  2. amma pita yanawanam thaththa badu karayeknam mokada wenne macho

    ReplyDelete
    Replies
    1. මට ඔය ප්‍රශ්නෙ එනව කියල මම දැනගත්ත මචං ලියනකොටම. මම මේ රටේ බහුතරය ගැන මචං කතා කරන්නෙ ඇත්තටම 75%ක් විතරවත් මේ රටේ උඹ ඔය කියන දේවල් කරන්නැතුව තමන්ගෙ දරුවොන්ට ආදර්සයක් වෙන්න ඉන්න දෙමව්පියෝ ඇති නෙ මචං. මම අන්න ඒක ගැන කිව්වෙ....

      ඔහොම අම්මල තාත්තල සමාජෙ තාම ටිකක් අඩු තත්වෙක පවතින නිසා මම මෙහෙම කිව්වෙ. අනාගතේ ඕක වෙනස්වෙන එක නං ලොවෙත් සුවර්.... :)

      අදහසට රොම්බා තෑන්ක්ස් මචං... :)

      Delete
  3. අනිවා මචං.. ඒත් හුඟ දෙනෙක් ඕක අමතක කරනවා..

    ReplyDelete
    Replies
    1. අම්ම තාත්ත අමතක වෙන එවුං ගැන කුමන කතාද? >.<

      Delete

Related Posts Plugin for WordPress, Blogger...