ටිකෙන් ටික පඩිපෙළේ උඩට නැග්ග....
පසුගිය කොටස : Unlimited ආදරේ - 2 | ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම
මට අද වගේ මතකයි එයා ඇදන් හිටපු ගවුම. (කවදාවත් Jeans ඇඳින කෙනෙක් නෙමේ එයා) සුදුපාට ගවුමෙ පාට පාට ටිකක් ලොකු බෝල බෝල ගවුමක්. මාරම අහින්සක කෙල්ලෙක්. ඇත්තමට ලස්සනයි
මම එයා ළඟටම ගියා. එයා ඉන්නව හාවක් හූවක් නැතුව. මම ගිහිල්ල (මෙතන ඉදං කෙල්ලගෙ නම විශාකා කියල හිතා ගන්නකො)
"විශාකා!"
කෙල්ල එක පාරට ගැස්සිල ගියා, ඒ ගමන්ම අර ලස්සන හිනාව ආයෙමත් පෙන්නුව. මට අහන්න දේකුත් නෑ. මොනව කියල අහන්නද, අත පයත් කිටි කිටියෙ ගැහෙනව... අනේ මංද. මට මාර අප්සට්.
මම අහන්න දෙයක් නැති කමටම මම ඇහුව
"ඔයාලට Admissions දුන්නද?" කියල
එයා "ඔව්, ඊයෙ දුන්න" කිව්ව (ඒ වෙලාවෙ තමා මම එයාගෙ ඒ ලස්සන කට හඬ ඇහුනෙ. ඒක මට නිකං හීනයක් වගේ)
අපි එක එක වල්පල් කතා කරල වෙලාව බලනකොට 6.30ත් පහු වෙලා.
එයා යන්නෙ එක බස් එකක, මම යන්නෙ එක බස් එකක. ඒත් පාරවල් දෙකම එකයි. එයා යන බස් එක මම බහින තැනට ටිකක් කලිං වෙන පාරකට හරවනව. ඒත් කමක් නෑ කියල එයා එක්කම බස් එකේ නැගල එයා ළඟින්ම වාඩි වෙලා එක එක ඒව කතා කර කර ගියා. බස් එකට ටිකට් ගත්තෙත් මම. අර හරවනව කිව්ව තැන දැං ලංවෙනව. මේ කෙල්ලව දාල යන්නත් දුකයි. ඒත් මොනා කරන්නද. මං අකමැත්තෙන් උනත් බස් එකෙං බැස්ස. බහිනකොටත් එයාගෙ අතින් අල්ලගෙනමයි හිටියෙ.
දැං වෙලාව 7ට විතර ඇති. පට්ට කළුවරයි බස් එන පාටකුත් නෑ. ෆෝන් එක අතට ගත්ත. එයාගෙං Message එකක් ඇවිල්ල තිබ්බ
Mama gedara awa. Oya gdra giyada? Mkada kranne?
ම්ම්ම්ම් මොනා කියන්නද ඉතිං. කරන්න දෙයක් නැතිම තැන
Thama Maga dr. Bus ekak awe na.
කියල Message එක Type කරන්න හදනකොටම......
දිගටම ලියන්න අපි එනෝ බලන්න
ReplyDeleteටැංකූ බෙක්ක :)
Delete💞💖💕
Deleteතව ටිකක් වැඩියෙන් කොටසක් ලියමු නේද?
ReplyDeleteකතාව ලස්සනයි..
ස්තූතියි සහෝ.. වැඩ ටිකක් වැඩි නිසා තමා පොඩියට ලිව්වෙ.. අනිව ටිකක් දිගට ලියන්න ඊළඟ කොටසෙ ඉදං පොරොන්දු වෙනව :D
Deleteඉක්මනට ඉතිරියත් දාන්න සහෝ.. ලස්සනයි කතාව
ReplyDeleteලස්සනයි කතාව ඇත්තටම අපේ ඒ කාලෙත් මතක් වෙනවා❤️🩹😭
ReplyDelete