January 4, 2013

Unlimited ආදරේ - 1 ‍| ඇරඹුම

ඉස්සෙල්ලම ඔක්කෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියන්නම් නැත්තං හරි නෑ නෙ නේ? :D

ම්ම්ම් අනේ මංද මේක මගේ කතාවක් කියල කියන්න බෑ. මොකද මේක මගේ හොඳම යාළුවගෙ (යාළුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ ඉන්න කෙනෙක්ගෙ) කතාවක්. අද ඉදං මේ කතාව මගේම කරගෙන ලියන්නම්. ඔයාල හිතන දේවල් පහලින් Comment කරල යන්න. අවුරුද්ද පටං ගන්නම යන්නෙ ඉතිං Love Story Series එකකිං කිව්වොත් හරි.

තාමත් ඉවරයක් නැති, සදහටම අමතක නොවන, පුංචි කුමාරියක ගෙයි දඟකාර විසේකාර කුමාරයෙකුගෙයි ලස්සන ආදර කතාවක ඇරඹුම මේ විදියට කියල කිව්වොත් හරි. පාසල් ආදර කතා අතරේ තවත් එක් සුවිශේෂී ආදර කතාවක් වේවි. 



ඒ දවස් වල O/L කාලෙ අපි 11 වසරෙ. දන්නවනෙ ඉතිං නටන්න තියෙන ඔක්කොම පිස්සු නටන ආතල් පොරවල් කියල අපි. නොවැම්බර් මැද හරියෙ වගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙං තිබ්බ සෙමිනාස් ටිකක්. දැන්ටත් තියෙනව. අපේ ඉස්කෝලෙ ඉන්නෙ කොල්ලො විතරයි. ඔක්කොම සෙට් උනා උදේම ලංකාවෙ විශාලතම බස් නැවතුම් පොළට (කොහෙද? පුලුවන්නං කියන්නකෝ). 

සෙමිනාස් පටං ගන්නෙ 8ට වගේ උනාට උදේ 6.30හේ 40හේ ඉදං ඉතිං ඕකෙ තමා. ඔන්න එකා දෙකා සෙට් උනා. අනික් ඉස්කෝල වල දන්න කියන උං එක්ක කතා කරනව, දන්න නොදන්න හැම කෙල්ලොන්ට ආතල් දෙනව එක විකාරයයි. කෝමෙං කෝම හරි ඔන්න ඔක්කොම සෙට් උනා. අපිට තිබ්බෙ ටිකක් ළඟ ස්කෝලෙක තමා සෙමිනා එක. ඔක්කොම ඈයො කතා කරගෙන ඔන්න යන්න සෙට් උනා. මුලිං බස් එකේ යන්න හැදුවට ඉතිං අමුතු අදහස් තියෙන කාලෙ නිසා එක මූසලයෙක් කිව්ව...

"මචං ***ට් එක කිට්ටුත් එක්කනෙ. ඒක නිසා පයිං යමන්ද?" කියල 

කිව්ව විතරයි පුතිචාර

"ඔව් බං පව්නෙ කොන්ද, ඌට සල්ලි එකතු කරන එකේ මහන්සියවත් අඩුවෙයි නෙ" 

"ඒ බං ඇවිද්ද පය දහස් වටී කියල සපත්තු ගලවංම යමං නේ?" 

ඔය වගේ නානාප්‍රකාර කතාවලිං ඔන්න ටිකෙං ටික අර **** කියන ඉස්කෝලෙට ලං උනා. ඇතුලට යන්නත් මොකද්ද වගේ.. ඔන්න ඉතිං ඒකෙනුත් ඇතුලට ගියා කියමුකෝ. ඒක මිශ්‍ර පාසලක්.  අම්මේ ලස්සන අක්කල , චූටි කෑලි වැහි වැහැල. සමහර ඒවට අයිතිකාරයොත් ඉන්නව. 

නැග්ගයි කියපංකො ඉතිං පඩි සීයක් විතර උඩට. උංගෙ Auditorium එක තියෙන්නෙ සිරීපාදෙද කොහෙද.
රෙද්ද නගිනව නගිනව ඉවරයක් නෑ. හැදියාවක් නැති එවුං කුණූහබ්බත් කියනව. ඔන්න නැගල නැගල අර මෙව්ව එක ඇතුලටත් ආව. අම්මේ ඔය ඉන්නෙ ***දේවි එකේ **ගෑණූ ටික ඔක්කොම. 


"ඕන සයිස් එකකිං, ඕන පාටකිං, තෝරගනිං.. අද විතරයි" මුං බෙරිහන් දෙනව. 

එදා තිබ්බෙ සිංහලද කොහෙද, හරියටම මතක නෑ. අපේ කල්ලියෙ 7ක් 8ක් විතර හිටිය. පංතියෙ ඉගනගන්නම සහ කරන තරමක් ජරා වැඩ කරන නස්පෝනියො ඔක්කොම ඒකෙ. ඔන්න අපි ගිහිං ***දේවි එකේ කෙල්ලො ටික ලගින්ම වාඩි වෙලා ඇස් කරකව කව බලනව. 

ඔන්න ඔය අතරෙ එකෙට්ට එකියක් ගැන පොඩි ආසාවක් මොදු වෙලා. දුන්න බැකප් එක, එකා දෙන්න සෙට් වෙලා දැං ආතල් දෙන එක නැගලම යනව. (සෙමින? මොන සෙමිනද බං? o.O ) ඒකි ගැන හෙණ වර්නනාව ඉතිං. මගේ කට තමයි ඉතිං වැඩියෙන්ම නලියන්නෙ. ඇත්තටම එයාට තිබ්බෙ ලස්සන ඇස් දෙකක්, රෝස මලක් වගේ මූණක්, හුරතල් හිනාවක්..... etc ඔක්කොම ලස්සනයි.  කොහොම හරි ඔන්න ඒකත් ඉවර උනා. ඒත් අරූට සෙට් උනේ නං නෑ. දුකයි ඔක්කොටම වැඩේ ගැන. මොනව කරන්නද. ඔක්කොම ඇවිල්ල දුකටත් එක්කම Juice  Bar එකෙං ගැහුව Ice Coffee. ස්ටෑන්ඩ් එකේ වලක් බැහැල ගෙදර ගියා. 


**************************************

ඊට පස්සෙ නං සෙමිනා වලට ගියේ නෑ අපේ කල්ලියෙ එකෙක්කත්. ගියා කියල වැඩකුත් නැති එකේ. ඔන්න ඉතිං කෝමෙන් කොහොම හරි Parents Meeting එකක් අරගෙන Reports දීල , හෙණ දේශනේකුත් දීල නිවාඩු දුන්න (අර O/L උංට දෙන්නෙ Study Leave කියල. අන්නේව) 


**************************************


හරියටම ඒ අවුරුද්දෙ දෙසැම්බර් 1 වෙනිද තිබ්බ සෙමින එකක් Town Hall එකේ. ඒකත් සිංහල තමා. Tuition කරන හාමුදුරු කෙනෙක් ගෙ. එදාට සන්නස්ගල සරුත් එනව කියපු නිසා තමා සෙනගත් වැඩි උනේ.

ඉතිං එදත් ඔන්න පරන සුපුරුදු තැනටම ඒ කියන්නෙ ස්ටෑන්ඩ් එකටම සෙට් උනා ඔක්කොම. එක එක ඒව කතා කරනව. අර ස්කූල් යුනිෆෝම් වලිං ඉස්සර හිටපු කෑලි කලර්ඩ් එකට.... හම්මේ කියල නිම කරන්න බෑ. සමහර මල් උංගෙ බඹරුත් එක්ක. හිතට පොඩි ඉරිසියාවක් ආවත් මොනව කරන්නද. ලැබීම තමා ඉතිං ඒක. 

ඉතිං අපිත් ගියා Town Hall එකට. ශහ්! අරුන් ටිකත් ඇවිල්ල.. අපිත් ගිහිං උංගෙ පිටිපස්සෙ තිබ්බ පුටු ටිකෙං සාන්ත දාන්තව අසුන් ගත්ත. ටිකෙන් ටික අපිටත් නොදැනිම ඔන්න කටවල් වලින් වචන දෝරෙ ගලනව. ඒ අතරෙ හිටිය ලස්සන ඇස් දෙකක්, රෝස මලක් වගේ මූණක්, හුරතල් හිනාවක් තියෙන එදා හිටපු අර කෙල්ල. හැබැයි අද අපේ එකා නම් නෑ. 

කෙල්ලට මාව මීටර්, සැරින් සැරේ මගේ දිහා බලල හොරෙන් හිනා වෙනව. ටිකකින්.... 

ඒක ඊළඟ කොටසෙන් කියන්නම්. ඔයාල අදහස් දක්වල යන්නකො. මේක ඇරඹුමක් විතරයි!


මීළඟ කොටස : Unlimited ආදරේ - 2 ‍| ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම


4 comments:

  1. අඩේ අපි ඔක්කොම බලාගෙන ගියාම එකම බෝට්ටුවෙ නේ බං... ආපහු ඔහොම ආතල් ගන්න ඒලෙවල් කිට්ටු වෙනකම්ම ඉන්න එපෑ... :/

    ReplyDelete
    Replies
    1. එකට ඉන්න උං එකම බෝට්ටුවෙනේ බං... ඒ ලෙවල් වලට වඩා නිදහස තියෙන්නෙ ඕලෙවල් වල බං. දැං තමා ඒකත් තේරෙන්නෙ :(

      Delete
  2. එල මමත් ඔහොම කරා සා/පේ ලියන කාලේ.දැනුත් කරනවා.
    මමනම් හිතන්නේ වැඩේ හරි ගිහින් නැ වගේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...