ඒකි තඩි ය,
තඩි වුනාට බතල ටයිප් නොවේ ය,
ඒක නිසා මං ඒකිට බෝලෙ කියනවා ය,
ඒ උනාට ඒකි ලස්සන ය,
ඒකි තඩි බව ඒකි දන්නී ය,
ඒක ඒකිටද කමක් නැත්තෝ ය,
පාට තලඑළලු ය,
සුදු නැතත් ඒකි මට හොඳ ය,
කොණ්ඩෙ අග ටික කැරලි ගැහී ඇති අතර මහලොකුවට දිග නැත්යතේ ය,
ඔළුවෙ ඉදං ටික දුරක් රිලැක්ස් කරා යැයි කියන්නී ය,
මං ඕවා දන්නැති නිසා මට තේරෙන්නෙ නැත්තේ ය,
ඇස් දෙක මාර ලස්සන ය,
මට රවන වෙලාවට තවත් ලස්සන ය,
හිනා වෙන වෙලාවට හුරුබුහුටි ය,
අඬන වෙලාවට කඳුළු එන්යනේ ය,
මගේ දිහා බලනකොට හෙනම ආදරේ හිතෙන්නේ ය,
නහය ගැන කියන්නට දෙයක් නැත්තේ ය,
ඒක මූණ මැදට වෙන්න ලොකුවට තියෙන්නේ ය,
අඬන විට ඒක තද වෙනවා ය,
නැත්තං හොටු එනවා ය,
කට නං මෙලෝ රහක් නැත්තේ ය,
කට නං මෙලෝ රහක් නැත්තේ ය,
හැබැයි කටහඬ ලස්සන ය,
අහං ඉන්නට පුළුවං ය,
නිකට සෝයි ය,
තක්කාලි ගෙඩියක් වගේ නිසා නිතර හපන්න සිතෙන්නේ ය,
කම්මුල් හිනා වෙනකොට වල ගැසෙන්නේ ය,
ඒකිට ඒක හෙන ලොකු ය,
ඔය කිව්වට මාත් ආස ය,
ඇඟ ටිකක් සයිස් උනාට අවශ්‍ය සියළු දෑ නිසි පරිදි තියෙන්නේ ය,
දෙපැත්තෙං ටයර් නැති වුනත් බඩ සුට්ටක් අත්තේ ය,
උස නං මහලොකුවට නැතත් මගේ උරහිස ගානට තියෙන්නේ ය,
ඒක නිසා පපුවට තුරුල් කරගන්න ලේසි ය,
ඒකිත් ඒකට කැමති ය.
දැං ඒකිගෙ රූ වරුනා ඇති ය,
ඊළඟ කොටසෙං අනික්වා කියන්නං ය,
ටටා ය, බායී ය, සියළු දෙවි දේවතාවෝ රැකගනිත්වා ය,