September 27, 2013

Unlimited ආදරේ - 3 | මං අකමැත්තෙන් උනත් බැස්ස

ටිකෙන් ටික පඩිපෙළේ උඩට නැග්ග....

පසුගිය කොටස : Unlimited ආදරේ - 2 ‍| ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම




මට අද වගේ මතකයි එයා ඇදන් හිටපු ගවුම. (කවදාවත් Jeans ඇඳින කෙනෙක් නෙමේ එයා) සුදුපාට ගවුමෙ පාට පාට ටිකක් ලොකු බෝල බෝල ගවුමක්. මාරම අහින්සක කෙල්ලෙක්. ඇත්තමට ලස්සනයි 

මම එයා ළඟටම ගියා. එයා ඉන්නව හාවක් හූවක් නැතුව. මම ගිහිල්ල (මෙතන ඉදං කෙල්ලගෙ නම විශාකා කියල හිතා ගන්නකො)

"විශාකා!"

September 22, 2013

අන්තිමට මම Lost වුනා


ආදරය කරා
ඔව් මම ඔයාට ආදරය කරා
ඔයාගෙ පස්සෙන් නොගියට,
ඔයාට ආදරේ කියල
මම ඔයාට දැනෙන්න ඇරිය

ඔයාගෙ දිහා බැලුවට
කවදාවත් ඔයාගෙ ඇස් දිහා
කෙලින් බලන්න තරම් හයියක් මට තිබ්බෙ නෑ
ඒ මගේ තියෙන පො*න කමකට නෙමේ
තියෙන ආදරේට

යාළුවො කිව්ව
'මචං ඕකිට කොල්ලෙක් ඉන්නව '
'උඹට ඔයිට වඩා පට්ට කෙල්ලෙක් 
set කරගන්න බැරි නෑ '
'ඕකි තනි බඩුවක් '
'උඹට මෙච්චර ලස්සන කෙල්ලො Try කරද්දි 
මේ වේ*යෙක් පස්සෙ යන්නෙ මොකෝ? ' 
'ඒ ගෑණිට උඹ තවත් එකෙක් විතරයි බං, 
හැම එකාම ඕකට Talk කරනව '  
කියල

මමත් දැනං හිටිය
ඔයාට වෙන කෙනෙක් ඉන්නව කියල
ඒත් ආදරය කරා
හිතේ ඇති වුන එකම ආදරේ
අමු අමුවෙම කෙළ වෙලා යනකොට
දුක හිතුන

ජීවිතේට ආපු හැම Challenge එකටම
හැම Game එකටම
ගින්නක් නැතුව Face කරා,
ඒවගෙන් Win කරා
ඒත් අන්තිමට මම Lost වුනා

Related Posts Plugin for WordPress, Blogger...