February 14, 2013

මචං, උඹල කවදාවත් අමතක වෙන්නෙ නෑ!


ම්ම්ම් හිතෙනව ඇති මොකක් ගැනද කියන්නෙ කියල නේ?? මේකයි...

අනූව දශකෙ ඒ කියන්නෙ 1990 ඉදං 1999 වෙනකං අවුරුදු වල හරි ඊට කලිං ඉපදුනු ආච්චිල සීයලා හරි ඉන්නවනං දන්න දෙයක් තමයි මේක... මොකද්ද? අපිට පුංචි කාලෙ තිබ්බ ගැජට් කෑලි ටිකක්... පොඩි කාලෙ මතක් වෙන්නත් එක්ක තමා මේ ලිපිය දාන්නෙ.

මට මැසිමක් හම්බුනේ 2003 විතර (මං 3 වසරෙ විතර ඉන්නකොට)
උඹලට කියන්න P3 මැසිමක් තිබ්බෙ ඈ. මගේ හාඩ් එක තිබ්බෙ 8GB, VGA 16MB, Ram 128MB. හිතපල්ලකො කෝමද කියල. හැබැයි ඒ ටික මට ඒ කාලෙ හැටියටනං මදි උනේ නෑ :D . ගැහුවෙ Road Rash, NFS II , Midtown Madness , පොඩි පොඩි Flash ගේම් වගේ ඒව තමා. දැං කාලෙ වගේ ඔය ප්‍රෝග්‍රැමිං, ඩිසයිනින්ග්, එඩිටින්ග් වගේ ඒව ගැන කැහිල්ලක් තිබ්බෙ නෑ නේ.

ආ මෙන්න ලිස්ට් එක. මතකද? දන්නවද කියල බලන්නකො. අපිත් එක්කම මෙයාල වයසට ගිහිල්ල, දැං අපිට නොකියම මෙයාල යන්නත් ගිහිල්ල. 2000න් පස්සෙ ඉපදුන මල්ලිලා නංගිලා නං මේව ගැන අහලවත් නැතුව ඇති.

February 4, 2013

මගේ One Sided Love එක


ඔයාව දැක්ක මුල් දවසෙම 
මට ඔයා ගැන
ආදරයක් ඇති උනා 
කියල 
මම කියන්නෙ නෑ


මොකද
ඒ දවස් වල 
අපි ආදරේ කෙරුවෙ
Cartoon වල ඉන්න 
විල්මලාට ඩැෆ්නිලාට

ඒත් 
අපි ටිකක් ලොකු වෙනකොට
ඔයා දකින දකින 
වාරයක් ගානෙ
මගේ ආදරේ
වැඩි වෙනවා මිසක 
අඩුවක් නම් උනේ නෑ

ඇත්ත
ඔයා මේ කිසි දෙයක් 
දන්නෙ නෑ කියල මම දන්නව
මොකද 
මම ඔයාට 
ඒක අඟවලාවත් නැති නිසා

සමහරවිට
ඔයත් මට ඒ වගේම 
ආදරේ ඇති
හැබැයි 
ඔයා තාම 
ඒක මට ඇඟෙව්වෙ නෑ

ඔය දේවල් කොහොම වුනත්
චූටි කෙල්ලෙ
ඔයා ඇර 
මගේ හිතේ වෙන කෙනෙක් නෑ
මම හැමදාම ඔයාට ආදරෙයි 
මගේ One Sided Love එක සදාකාලිකයි.
Related Posts Plugin for WordPress, Blogger...