January 6, 2013

Unlimited ආදරේ - 2 ‍| ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම

කෙල්ලට මාව මීටර්, සැරින් සැරේ මගේ දිහා බලල හොරෙන් හිනා වෙනව. ටිකකින්.... 

පසුගිය කොටස : Unlimited ආදරේ - 1 ‍| ඇරඹුම




මගේ එහාපැත්තෙ හිටපු එකාට උගෙ කෑල්ල මොකද්ද කිව්ව 

"ඒ මචං මෙහෙම කියනවට කලබල වෙන්න එපා. උඹට මතකනෙ එදා සෙමින එකේ අපි ආතල් දුන්න කෙල්ල. අර *** ට්‍රයි කරපු එක. අන්න ඒකි ***ට කියල ඒකි උඹට කැමතියි, අද හවසට ස්ටෑන්ඩ් එක උඩ පාලම ගාවදි හම්බවෙන්න කියල"

මළ කෙලියයි  ඒක කිව්වම මට හීන් දාඩිය දැම්ම, උන්හිටි තැන් අමතක උනා

"ඒ **යා උඹ සිරාද ඔය කියන්නෙ?"

January 4, 2013

Unlimited ආදරේ - 1 ‍| ඇරඹුම

ඉස්සෙල්ලම ඔක්කෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියන්නම් නැත්තං හරි නෑ නෙ නේ? :D

ම්ම්ම් අනේ මංද මේක මගේ කතාවක් කියල කියන්න බෑ. මොකද මේක මගේ හොඳම යාළුවගෙ (යාළුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ ඉන්න කෙනෙක්ගෙ) කතාවක්. අද ඉදං මේ කතාව මගේම කරගෙන ලියන්නම්. ඔයාල හිතන දේවල් පහලින් Comment කරල යන්න. අවුරුද්ද පටං ගන්නම යන්නෙ ඉතිං Love Story Series එකකිං කිව්වොත් හරි.

තාමත් ඉවරයක් නැති, සදහටම අමතක නොවන, පුංචි කුමාරියක ගෙයි දඟකාර විසේකාර කුමාරයෙකුගෙයි ලස්සන ආදර කතාවක ඇරඹුම මේ විදියට කියල කිව්වොත් හරි. පාසල් ආදර කතා අතරේ තවත් එක් සුවිශේෂී ආදර කතාවක් වේවි. 



ඒ දවස් වල O/L කාලෙ අපි 11 වසරෙ. දන්නවනෙ ඉතිං නටන්න තියෙන ඔක්කොම පිස්සු නටන ආතල් පොරවල් කියල අපි. නොවැම්බර් මැද හරියෙ වගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙං තිබ්බ සෙමිනාස් ටිකක්. දැන්ටත් තියෙනව. අපේ ඉස්කෝලෙ ඉන්නෙ කොල්ලො විතරයි. ඔක්කොම සෙට් උනා උදේම ලංකාවෙ විශාලතම බස් නැවතුම් පොළට (කොහෙද? පුලුවන්නං කියන්නකෝ). 

Related Posts Plugin for WordPress, Blogger...